ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී ඊ​යේ පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල ඕවර 40.3 කදී ලකුණු 215 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන් දඟ පන්ඳු යවන්නන් ප්‍රමුඛ පන්ඳු යැවීමේ බලඇණිය සමත් විය.

රෂීඩ් ඛාන් (37/3) සහ මොහොමඩ් නබී (16/2) ජයග්‍රහණය දැවැන්ත කොටස්කරුවන් බවට පත්වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ.

පළමුව පන්ඳුවට පහරදුන් ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් රහමුනුල්ලා ගුර්බාෂ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්ඳු 57 කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 80 ක් රැස් කළේය.

ඇෆ්ගනිස්තානු පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 284

(රහමුනුල්ලා ගුර් බාෂ් 80, ඊබ්‍රහිම් ශද්‍රාන් 28, ඉක්‍රම් අලිකිල් 58, රෂීඩ් ඛාන් 23, මුජූබ් උර් රහමන් 28, අදිල් රෂීඩ් 42/3, මාක් වුඩ් 50/2)

එංගලන්ත පිල ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 215

(ඩේවිඩ් මලන් 32, හැරී බෲක් 66, අදිල් රෂීඩ් 20, මාක් වුඩ් 18, මුජූබ් උර් රහමන් 51/3, රෂීඩ් ඛාන් 37/3, මොහොමඩ් නබී 16/2)

Share.

Comments are closed.