Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»“Dubai Run” ධාවන තර​ගය​ට ලියාපදිංචිය සඳහා දැන් විවෘතයි
Events

“Dubai Run” ධාවන තර​ගය​ට ලියාපදිංචිය සඳහා දැන් විවෘතයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 18, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම සහ නොමිලේ සිදුකරන ධාවන තර​ගයක් වන “Dubai Run” සඳහා ලියාපදිංචිය දැන් විවෘතව පවතින බව පසුගියදා නිවේදනය කරන ලදි. නොවැම්බර් 26 වන දින එහි පස්වන වට​ය ධාවනය කෙරෙන අතර 200,000 කට අධික පිරිසක් තරගය සඳහා පෙළ ගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Dubai Fitness Challenge හි ප්‍රමුඛතම ඉසව්වක් වන මෙම මෙගා ඉසව්ව​ට වයස් හෝ හැකියාව නොසලකා ජීවිතයේ සෑම තරාතිරමකම ධාවකයන් සහ ශාරීරික යෝග්‍යතා ලෝලීන් සාදරයෙන් පිළිගනී.

මෙම ඉසව්වට සහභාගිවන්නන්ට ෂෙයික් සයීඩ් පාරෙන් ආරම්භ වන වෙනස් මාර්ග දෙකක් තෝරා ගත හැකිය.

  • කිලෝමීටර් 5 ක ඩවුන්ටවුන් ෆැමිලි මාර්ගය – මෙම මාර්ගය පවුල් සහ සියලුම තරාතිරම්වල ධාවකයන් සඳහා සුදුසු වන අත​ර අනාගත කෞතුකාගාරය අසලින් ආරම්භ වී ඩුබායි ඔපෙරා, ඩුබායි මෝල් සහ බර්ජ් කලීෆා ඇතුළු ඩුබායිහි සුවිශේෂී ස්ථාන පසුකරමින් සහභාගිවන්නන් රැගෙන යයි.
  • කිලෝමීටර් 10 දු​ර ෂෙයික් සයිඩ් මාර්ගය – වඩා පළපුරුදු ධාවකයන් සඳහා සුදුසු වන මෙම මාර්ගය  ෂෙයික් සයීඩ් පාරේ සිට ඩුබායි ඇල දක්වා විහිදෙන අතර ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයට (DIFC) සමීපව අල් මුස්තාක්බාල් වීදියෙන් අවසන් වේ.

නොමිලේ ලියාපදිංචි වන ආකාරය:

https://www.dubairun.com/ වෙත ලොග් වී පෝරමය පුරවන්න

ලියාපදිංචි වූ පසු, ස​හභාගීවන්නන්ට වන් සෙන්ට්‍රල් හි පිහිටි DFC හි නවතම ධාවන සහ සවාරි මධ්‍යස්ථාන​ය වෙතින් සන් ඇන්ඩ් සෑන්ඩ් ස්පෝර්ට්ස් විසින් සපයනු ලබන ඔවුන්ගේ ධාවන අංකය සහිත බිබ් සහ ටී-ෂර් ට් ලබාගැනීමට ආරාධනා කරනු ලැබේ.

පසුගිය වසරේ ඩුබායි ධාවන තර​ගයට වාර්තාගත 193,000 ධාවකයන්, සහ ඇවිදින්නන් සංඛ්‍යාවක් සහභාගී විය. මේ වසරේදී වෙන කවරදාටත් වඩා විශාල ධාවකයන් සහ ඇවිදින්නන් සංඛ්‍යාවක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා කරයි.

“සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් ක්‍රියාශීලී අනාගතයක් සඳහා හවුල් දැක්මක් ඇති එක් විචිත්‍රවත් ප්‍රජාවක් ලෙස අපි එක්වන බැවින් මෙම සුවිශේෂී අවස්ථාව අත්විඳීමට වයස් මෙන්​ම යෝග්‍යතා හැකියාව නොසලකා සෑම කෙනෙකුටම මම ආරාධනා කරනවා,” “පසුගිය වසරේ, මෙම උත්සවයට වාර්තාගත සංඛ්‍යාවක් සහභාගී වූ අතර සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. අපගේ නගරයේ සං​ඛේතාත්මක නිදහස් විනෝද ධාවන තර​ගය​ට තව තවත් සහභාගී වනු දැකීමට මම බලාපොරොත්තු වෙමි.” ඩුබායි උත්සව සහ සිල්ලර වෙළඳාමේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අල් ඛාජා පැවසීය.

ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මහලේකම් සයීඩ් හරෙබ් පැවසුවේ “Dubai Run” ධාවන තරගාවලිය Dubai Fitness Challenge පෙළගැස්ම තුළ වඩාත් පුළුල් ලෙස වැළඳගත් එක් ඉසව්වක් ලෙසයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ගුවන් තොටුපළේ ආගමන කටයුතු පාලනය​ට දැන් විදේශ ගමන් බලපත්‍රය, එමිරේට්ස් හැඳුනුම්පත අවශ්‍ය නොවේ
Next Article නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.