Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්
Events

නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 18, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර ධරම්ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 38 ක පෙරළිකාර ජයක් වාර්තා කිරී​මට නෙදර්ලන්තය සමත් විය. තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති නෙදර්ලන්තය එක්දින ලෝක කුසලාන තරගයකදී ටෙස්ට් වරම් සහිත රටක් පරාජය කළ පළමු අවස්ථාව මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඩේවිඩ් මිලර්, පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

අවසන් ඕවර කිහිපයේදී හුදෙකලා සටනක නිරත වූ කේෂව් මහරාජ්ද හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 37 කින් ලකුණු 40 ක් රැස්කළ නමුත් එයද දකුණු අප්‍රිකාව පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. ලෝගන් වැන්ඩීක් ලකුණු 60 කට කඩුලු 3 ක් දවාගත් අතර නෙදර්ලන්තයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වැන්ඩර් මර්ව්, බස් ඩි’ලීඩ් සහ පෝල් වැන් මීකිරන් කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය පැය 2 කින් පමාවූ අතර එක් ඉනිමක් ඕවර 43 කට සීමා විය. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය එහිදී කඩුලු 8 ක් දැවී ලකුණු 245 ක් රැස්කළේය. නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ස්කොට් එඩ්වඩ්ස් පන්දු 69 කින් ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ වැන්ඩර් මර්ව් (29) සහ ආර්යන් දත් (නොදැවී 23) නමවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 41 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩගනමින් නෙදර්ලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 19 කදී වාර්තා වූ මර්ව්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 9 කදී වාර්තා වූ ආර්යන්ගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත විය.

නෙදර්ලන්තය – ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 245

(මැක්ස් ඔඩොව්ඩ් 18, සයිබ්‍රෑන්ඩ් එන්ගලේබ්‍රච්ට් 19, තේජා නිදමනුරු 20, ස්කොට් එඩ්වඩ්ස් 78, වැන්ඩර් මර්ව් 29, ආර්යන් දත් 23, මාකෝ ජැන්සන් 27/2, කගිසෝ රබාඩා 56/2, ලුංගින්ගිඩි 57/2)

දකුණු අප්‍රිකාව – ඕවර 425 කදී සියලු දෙනා දැවී 207

(ටෙම්බා බවුමා 16, ක්වින්ටින් ඩි’කොක් 20, හෙන්රිච් ක්ලාසන් 28, ඩේවිඩ් මිලර් 43, ජෙරල්ඩ් කොයෙට්සර් 22, කේෂව් මහරාජ් 40, ලෝගන් වැන් බීක් 60/3, වැන්ඩර් මර්ව් 34/2, බස් ඩි’ලීඩ් 36/2, පෝල් වැන් මීකිරන් 40/2)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“Dubai Run” ධාවන තර​ගය​ට ලියාපදිංචිය සඳහා දැන් විවෘතයි
Next Article ඩුබායිහි පැවැත්වෙන GITEX ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ප්‍රවර්​ධ​නය කෙරේ
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.