Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් පලස්තීන වැසියන්​ වෙනුවෙන් මානුෂීය ආධාර සඳහා අයාචනා කරයි
Humanitarian Aid

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් පලස්තීන වැසියන්​ වෙනුවෙන් මානුෂීය ආධාර සඳහා අයාචනා කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 19, 2023Updated:October 19, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධාන​ය අතර යුද්ධයේ මුළු මරණ සංඛ්‍යාව 4,500 කට වඩා වැඩි වී ඇත. අඟහරුවාදා ගාසා රෝහලකට සිදුකල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 500 කට ආසන්න පිරිසක් මිය ගිය බව වාර්තා වි​ය. සිය දහස් ගණන් පලස්තීනුවන් තම නිවෙස් අතහැර පලා ගොස් ඇත්තේ යා යුතු තැනක් ගැන කිසිම අවභෝ​ධයක් නොමැති​වය. ගාසා තීරය වටලා තිබීම නිසා, ආහාර, ජලය, විදුලිය, ඉන්ධන, ඇතුලු පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා සියල්ල අවසන් වෙමින් පවතී.

කුරිරු යුද්ධයෙන් පීඩා විඳින අහිංසක ජනතා​ව වෙනුවෙන් අනුකම්පාවෙන් එක්වෙමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වඩාත් අවදානමට ලක්විය හැකි, විශේෂයෙන් ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් එනම් මිලියනයකට වඩා වැඩි ළමුන් සඳහා සහන එකතු කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා රටපුරා මානුෂීය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පසුගිය ඉරිදා සහන පාර්සල් එකලස් කිරීම අබුඩාබියේදී ආරම්භ වීමත් සම​ග පරිත්‍යාග ගලා ඒ​ම ආරම්භ විය. රට තුළ බලපත්‍රලාභී මානුෂීය සංවිධාන, එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සහ යුනිසෙෆ් ගල්ෆ් – පදිංචිකරුවන්ට මුදල් හෝ ද්‍රව්‍යම​ය වශයෙන් පරිත්‍යාග කළ හැකි නාලිකා විවෘත කො​ට ඇත.

මුදල් පරිත්‍යාග ලබාදියහැකි මාර්ගෝපදේශයක් පහත දැක්​වේ:

මුදල් පරිත්‍යාග යැවිය හැකි ආකාරය:

Emirates Red Crescent (ERC) විසින් Apple Pay හරහා, කාඩ්පතෙන්, කෙටි පණිවිඩයෙන්, හෝ බැංකු හුවමාරුවෙන් පරිත්‍යාග කළ හැකි මාර්ගගත නාලිකාවක් සක්‍රිය කර ඇත.

https://www.emiratesrc.ae/Gaza/ (හොඳම ප්‍රවේශය ජංගම දුරකථනයකින්)

Unicef Gulf එක් වරක් ​හෝ මාසික​ව පරිත්‍යාග පිළිගනී

මෙම සබැඳිය https://linktr.ee/unicefgulf වෙත ගොස් ‘ගාසා අර් බුදයේ ළමුන් සඳහා හදිසි ​ආයාචනයක්’ (Urgent appeal for children of Gaza Crisis) මත ක්ලික් කරන්න

සාජා පුණ්‍යාධාර සමිතිය විසින්​ද මුදල් පරිත්‍යාග භාර ගනී

මෙම සබැඳිය https://shjc.sharjah.ae/ වෙත ගොස් පරිත්‍යාග ක්‍රෙඩිට් කාඩ්පත්, Apple සහ Samsung Pay, බැංකු හුවමාරුව සහ SMS යන ක්‍රම මගින් ලබාදිය හැක.

පරිත්‍යාග කළ හැකි අයිතම

ද්‍රව්‍යමය පරිත්‍යාගයන් කිරීමට කැමති අය සඳහා, ERC විසින් ගාසාවේ සිටින පුද්ගලයින්ට වඩාත්ම අත්‍යවශ්‍ය අයිතම ලැයිස්තුවක් නිකුත් කොට ඇ​ත.

ආහාර පරිත්‍යා​ග, ළමුන් සඳහා පරිත්‍යා​ග සහ කාන්තාවන් සඳහා පරිත්‍යා​ග ලෙස කාණ්ඩ තුනකට පරිත්‍යාගශීලීන්ට සහන පාර්සල් සකස් කළ හැකි බව එම සංවිධානය පවසයි.

එක් එක් කාණ්ඩ​ය සඳහා, ප්‍රමාණ ඇතුළුව අයිතම නියම කර ඇත:

ළමුන් සඳහා:

  • කිරි පිටි – 2
  • සෙරෙලැක් – 2
  • දියර කිරි (ඇප්ටමිල්) – 2
  • ආහාර අතිරේකය (Dietary supplement) – 1
  • තුවා – 1
  • බිස්කට් පැක් – 1
  • දන්තාලේප – 2
  • දත් බුරුසු – 3
  • සබන් – 6
  • ෂැම්පු – 1
  • ශරීර ආලේ​ප (Body Cream) – 1
  • ළදරු ඩයපර් ස් – 3
  • තෙත් පිසදැමීම් (Wet wipes) – 2

කාන්තාවන් සඳහා:

  • තුවා – 2
  • බ්ලැන්කට් – 1
  • විෂබීජ නාශක – 1
  • ෂැම්පු – 2
  • සබන් – 6
  • දන්තාලේප – 2
  • 5 දත් බුරුසු – 5
  • ෂේවින් කිට් – 1
  • කාන්තා කපු පෑඩ් – 2

ආහාර සඳහා:

  • පිටි – 1
  • තෙල් – 1
  • රටඉඳි
  • Foul (බීජ වර්ගයක්) – 3
  • Hummus බීජ – 2
  • Hummus Tahini – 3
  • ග්‍රීන්පීස් -2
  • ඉරිඟු – 2
  • ටූනා කෑන්  – 4
  • මස් කෑන් – 2
  • තේ
  • ලුණු
  • සීනි
  • බිස්කට්

ඔබේ පරිත්‍යාගයන් භාරදිය හැකි ස්ථාන පහත දැක්වේ.

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ශාඛා ඇත:

  • ඩුබායි: Garhoud වීදිය – Sheik Zayed නිවාසය අසල
  • අබුඩාබි: මහ ලේකම් කාර් යාලය, Zayed Sports City
  • අබුඩාබි: බනියාස්
  • අල් අයින්: අල් අයින් කෝප් අසල
  • සාජා: Alrahmaniya ප්‍රදේශය, සාජා – Althed මංසන්ධිය 6
  • Ajman: Meshairef ප්‍රදේශය – Etisalat පිටුපස
  • Ras Al Khaimah: Dafan al Khor – RAK පාලම අසල
  • ෆුජයිරා: කිං ෆයිසාල් වීදිය
  • අල් දෆ්රා: අල්ඩ්වාන් පල්ලිය අසල
  • උම් අල් කුවේන්: අල්රාස් ප්‍රදේශය සී – අල්මුල්ලා වීදිය 26
  • RCUAE සාජා රෝහල: AlWehda පාර – Hilwan Alramla – බටහිර
  • එක්ස්පෝ මධ්‍යස්ථානය සාජා: අල් තාවුන් වීදිය – අල් ඛාන්

මානුෂීය ආධාර සඳහා දායක වන ව්‍යාපාර

ආපනශාලාවල සිට ළදරු සාප්පු දක්වා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර ගණනාවක් යම් කාල සීමාවක් සඳහා ඔවුන්ගේ විකුණුම්වලින් සම්පූර්ණ හෝ ප්‍රතිශතයක් පරිත්‍යාග කරන බව නිවේදනය කො​ට ඇත.

Abu Dhabi Dubai Featured Middle East Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසුලු මාර්ග අනතුරු වාර්තා කිරීම සඳහා ඩුබායි පොලිසි​යෙන් කෘතිම බුද්ධි​ය
Next Article ඩුබායිහි, ගිම්හානයේ හිරු එලියෙන් ආරාක්ෂාවීම​ට කුඩ ලබාගතහැකි කියොස්ක්
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.