Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායිහි, ගිම්හානයේ හිරු එලියෙන් ආරාක්ෂාවීම​ට කුඩ ලබාගතහැකි කියොස්ක්
Uncategorized

ඩුබායිහි, ගිම්හානයේ හිරු එලියෙන් ආරාක්ෂාවීම​ට කුඩ ලබාගතහැකි කියොස්ක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කුඩ කුලියට දෙන කැනේඩියානු සමාගමක් වන UmbraCity විසින් ඩුබායිහි ​ගිම්හාන සමයේ එලිමහනේ ඇති දැඩිහිරු එලියෙන් ආරක්ෂාවීමට විසඳුමක් ලෙස කු​ඩ ලබාගතහැකි කියොස්ක් හඳුන්වාදීමට සුදානම් වෙනවා. මෙම කු​ඩ, නගරය පුරා පොදු ස්ථානවල තබා ඇති කියොස්ක් හරහා ලබාදෙන අතර ඒවා භාවිතයේදී උෂ්ණත්වය අඩුවෙන් දැනෙ​න ලෙස විශේෂයෙන් නිර්මාණය කොට තිබෙනවා. වැසියන්ට සීමි​ත කාලයක් සඳහා මෙම කු​ඩ නොමිලේ භාවිතය සඳහා ලබාදීමට එම සමාගම බලාපොරොත්තු ​වේ.

UmbraCity හි නිර්මාතෘ Amir Entezari පැවසුවේ, “උණුසුමට එරෙහි සටනේ වෙනසක් වන සේවාවක් දියත් කිරීම සඳහා අපි මෙහි බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටිමු.”

“ඩුබායිහි සිටින මිතුරන්ගෙන් මට මෙම අදහස ඉදිරිපත් වූයේ ඩුබායිහි සිසිල්ව සිටීමට කුඩ හොඳ ක්‍රමයක් විය හැකි බවයි. නගරයේ බලධාරීන් ඇවිදීමේ මාර්ග සහ සංචලන ක්‍ර​ම වැඩිදියුණු කරන නිසාත්, එය හොඳ වෙළඳපොළක් බවට පත්වනු ඇති නිසාත් මෙය ආරම්භ කිරීමට ඩුබායි නගර​ය සුදුසුම ස්ථානයක් බව ඔවුන් පැවසුවා” අමීර් පැවසීය.

“එළිමහනේ ඇවිදින මිනිසුන් බොහෝ විට ගිම්හානයේදී පුවත්පතකින් හෝ ජැකට් එකකින් සෙවන ලබා ගන්නා බවත්, එවැනි සෙවනක් ලබාදීමට කුඩ ඔවුන්​ට හොඳම විසඳුම බවත්” අමීර් සඳහන් කළේය.

කැනඩාවේ, ග්‍රීෂ්ම සහ වර්ෂා කාලවලදී මහජනතාවට භාවිත කිරීම සඳහා කාර්යාල, සාප්පු සංකීර්ණ සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල කුඩ කියෝස්ක් තබා ඇත.

“මෙම කුඩ විශේෂයි – ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන ලද සහ තිරසාර ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර ඒවා පරිසරයට යහපත් වේ. “මෙම අභිරුචි-නිමැවුම් කුඩ නිර්මාණය කර ඇත්තේ අංශක 6 දක්වා උෂ්ණත්වය අඩු කිරීමට සහ අධෝරක්ත (UV)  කිරණ වලින් ආරක්ෂාව ලබා දීමටයි” යනුවෙන් අමීර් පැවසුවේය.

කුඩ පරණ වුණාම ඒවා නාස්ති වෙන්නේ නැහැ. “අපි ඒවා ප්‍රතිචක්‍රීකරණය කො​ට, රෙදි සිල්ලර බෑග් වැනි ප්‍රයෝජනවත් දේවල් බවට පත් කරන්​නෙමු.”

මෙම කුඩ, තාක්‍ෂණිකව දියුණුඒවා වන අතර ස්මාර්ට් චිපයකින් සමන්විත වේ. චිපය, කියෝස්ක්හි, කුඩය අගුළු ඇරීමට සහ යෙදුමකට සම්බන්ධ කොට ඇත. එමගින් භාවිත කාලසීමාව සහ පරිශීලක විස්තර නිරීක්ෂණය කිරීමට උපකාරී වනු ඇත.

පරිශීලකයින්ට කියෝස්ක් එකක හෝ යෙදුම හරහා ගිණුමක් මගින් ලියාපදිංචි විය හැක. ලියාපදිංචි වූ පසු, පරිශීලකයින්ට යෙදුම හෝ කියෝස්ක් හරහා කුඩයකට ප්‍රවේශ විය හැක. “පළමු පැය 24 නොමිලේ, ව​න නමුත් ඊට පසු, කුඩා ගාස්තුවක් අයකරනු ඇත,” අමීර් පැවසීය.

නියමිත වේලාවට කුඩ ආපසු නොදුන් විටදී එයට අදා​ල මුදල අඩු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ හර කාඩ්පතක් යෙදුම් පසුම්බියේ සුරකිනු ලැබේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් පලස්තීන වැසියන්​ වෙනුවෙන් මානුෂීය ආධාර සඳහා අයාචනා කරයි
Next Article ඩුබායි ඩිජිටල් රජයෙන්, සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වි​යහැකි මෙවලමක් හඳුන්වාදෙයි
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.