එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සබැඳි පරිශීලකයින්ට ආරක්ෂිතව සිටීමට උදවු කිරීම සඳහා, ඩුබායි ඩිජිටල් රජය විසින් තතුබෑම් ප්‍රහාරවලින් (phishing attacks) ඔවුන්ව ආරක්ෂා කළ හැකි මෙවලමක් හඳුන්වා දී තිබෙනවා.

RZAM extension ඩුබායි ඉලෙක්ට්‍රොනික් ආරක්ෂක මධ්‍යස්ථානයේ (DESC) එමරාති කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද අතර, සබැඳි පරිශීලකයින්ට අනිසි අන්තර්ගතයන්ගෙන් කරදර නොවී අන්තර් ජාලය සැරිසැරීම​ට උපකාරී වේ.

ඔබට ඔබගේ දුරකථනයේ හෝ ලැප්ටොප් පරිගණකයේ වේවා ඔබගේ සබැඳි ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම්, ඔබට තතුබෑම් ප්‍රහාර වලින් ඔබව ආරක්ෂා කරගතහැකි ආකාරය පහත දැක්වෙනවා.

තතුබෑම් ප්‍රහාරයක් යනු කුමක්ද?

බහුජාතික ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණ සමාගමක් වන සිස්කෝ සිස්ටම්ස් ඉන්කෝපරේට්​ට අනුව, කීර්තිමත් මූලාශ්‍රයකින් පැමිණෙන බව පෙනෙන, බොහෝ විට විද්‍යුත් තැපෑල හරහා, වංචනික සන්නිවේදනයන් යැවීමේ ක්‍රියාවලිය තතුබෑම් ප්‍රහාර වලින් අදහස් කෙරේ. ඉලක්කය වන්නේ ක්‍රෙඩිට් කාඩ් සහ පිවිසුම් තොරතුරු වැනි සංවේදී දත්ත සොරකම් කිරීම හෝ ඔබේ යන්ත්‍රයේ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමයි.

පසුගිය මාස කිහිපය තුළ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය සංවිධාන විසින් මහජනතා​ව​ට එවැනි ප්‍රහාර පිළිබඳව දැනුවත් කර ඇති අතර, එහිදී නිල ලාංඡන අනුපිටපත් කරමින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ නිල සංවිධානවලින් පැමිණෙන බව ඇඟවෙන පරිද්දෙන් පැමිණෙ​න ඊමේල් වලට හසු නොවන ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිය​හ.

ඔබට තැපැල් හෝ කුරියර් සමාගම් වෙතින් කෙටි පණිවිඩ ආකාරයෙන් ​හෝ තතුබෑම් විද්‍යුත් තැපෑලක් ලෙස​ද පැමිණිය හැක. ඔබ වෙ​ත ලබා නොදුන් පාර්සල් ලබා දීමට යයි පවසමින් හෝ සේවා සපයන්නෙකුගෙන් යැයි අඟවමින් ඔබේ පෞද්ගලිත තොරතුරු ඉල්ලා විද්‍යුත් තැපෑලක් ලෙස​ද පැමිණිය හැ​ක.

RZAM දිගුව ස්ථාපනය කරන්නේ කෙසේද

ඔබට තතුබෑම් ප්‍රහාරයක් හඳුනා ගත හැකි ක්‍රම ඇති අතර, RZAM extension සෑම වෙබ් පිටුවකම අනිෂ්ට අන්තර්ගතයන් සඳහා අඛණ්ඩව නිරීක්ෂණ​ය කරයි.

ඩුබායි ඉලෙක්ට්‍රොනික් ආරක්ෂක මධ්‍යස්ථානයේ (DESC) හි සියලුම එමරාති කණ්ඩායමක් විසින් වැඩි දියුණු කරන ලද, RZAM extension 95%ක නිරවද්‍යතා මට්ටමක් සහිත අනිසි අන්තර්ගතයන් හඳුනා ගැනීමට කෘතිම බුද්ධිය භාවිතා කරයි.

ඔබට RZAM extension ස්ථාපනය කළ හැකි ස්ථාන

RZAM extension දැනට වේදිකා තුනකින් ලබා ගත හැකිය:

1. Chrome සඳහා බ්‍රවුසර extension එකක් ලෙස

2. Firefox සඳහා බ්‍රවුසර extension එකක් ලෙස

3. Safari සඳහා බ්‍රවුසර extension එකක් ලෙස, Apple App store හි ඇත.

ඔබට RZAM වෙබ් අඩවියට පිවිසීමෙන් ඉහත ලැයිස්තුගත කර ඇති ඕනෑම වේදිකාවක් සඳහා දිගුව පහසුවෙන් බාගත හැකිය – https://desc.gov.ae/rzam/index.html

Share.

Comments are closed.

Exit mobile version