තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහන පසුගිය ඔක්තෝබර් 18 හා 19 දෙදින තු​ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ බලපත්‍රලාභීන් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කරන ලදී.

කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරනු ලැබු මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී .සේනානායක මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී අනුර ලියන්වල මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්විය.

Share.

Comments are closed.