එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණය සිසිල් වන බැවින් අබුඩාබිහි එළිමහන් ආසන යෙදීමට අවශ්‍ය නම් ඔවුන් මතක තබා ගත යුතු නීති රීති පිළිබඳව අබුඩාබිහි අවන්හල් සහ ආපනශාලා දැනුවත් කර ඇත. ආහාර අලෙවිසැල් තාවකාලික එළිමහන් ආසන යෙදීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඩිරාම් 5,000 ක දඩයක් අය කෙරේ.

අබුඩාබි මහ නගර සභාව, නගරයේ නගර සභා මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන්, සාප්පු, ආපනශාලා, කැෆේ සහ වෙනත් සේවා ස්ථාන ඇතුළුව වාණිජ ආයතන අසල පදික වේදිකාව​ට යාබද එළිමහන් ආසන යෙදීමට, අවකාශයන් සහ ආසන ප්‍රදේශ සම්බන්ධ නිර්ණායක, මාර්ගෝපදේශ සහ මෙහෙයුම් ක්‍රියා පටිපාටි පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

රෙගුලාසි, ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙස බලධාරීන් වෙළඳසැල්, කැෆේ සහ ආපනශාලා හිමිකරුවන්ගෙන් සහ කළමනාකරුවන්ගෙන් ඉල්ලා ඇත. සුදුසු රාජ්‍ය සහ නියාමන ආයතනවලින් අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ව්‍යාපාර හිමිකරුවන් සහතික විය යුතුය. මෙමගින් ඔවුන්ගේ පරිශ්‍රයට යාබද එළිමහන් අවකාශයන් නීත්‍යානුකූලව සහ ක්‍රමානුකූලව භාවිතා කිරීමට ඔවුන්ට හැකි වේ.

එළිමහන් ආසන බලපත්‍ර ගැන දැනගත යුතු කරුණු 6ක් පළිබඳව නගර සභාව විසින් ප්‍රකාශයට පත්කො​ට ඇත:

1. ගොඩනැගිලි හිමිකරුගේ කැමැත්ත සහ අවම වශයෙන් මාස හයක වලංගු කල්බදු ගිවිසුමක් තිබේ නම්, ව්‍යාපාර හිමිකරුවන්ට TAMM වේදිකාව හරහා බලපත්‍ර ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.

2. නගර​යේ මහ නගර මධ්‍යස්ථානය විසින් යෝජිත එළිමහන් ආසන සැකසුම් සීමාවන් ඇගයීමට ලක් කර අදාළ ගාස්තු තීරණය කරනු ඇත.

3. එළිමහන් ආසන සඳහා බලපත්‍ර ගාස්තුව ගණනය කරනු ලබන්නේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය මත වන අතර ඩිරාම් 10,000 ක ආපසු ගෙවිය හැකි තැන්පතුවක් ඇතුළත් වේ.

4. නිකුත් කරන ලද බලපත්‍ර අලුත් කිරීමේ විකල්පය සමඟ වසරක් සඳහා වලංගු වේ.

5. කොන්දේසි උල්ලංඝනය කළහොත් බලපත්‍රය අවලංගු කිරීමේ අයිතිය මහ නගර සභාව සතුවේ. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම ඩිරාම් 3,000 ක දඩයකට හේතු වේ. නාගරික සංවර්ධනයට අවශ්‍ය නම් බලපත්‍රය ද අවලංගු කළ හැකි අතර, බලපත්‍ර හිමියාට සිදුවිය හැකි පාඩු සඳහා වගකීමක් නොමැත.

6. ස්ථාපිත මාර්ගෝපදේශවලට අනුකූලව මේස, පුටු සහ සෙවන ලබාදෙ​න උපාංග යෙදීම පිළිබඳ සවිස්තරාත්මක පිරිසැලසුම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය.

Share.

Comments are closed.