දැනට ක්‍රියාත්මක වන “Tarahum for Gaza” ව්‍යාපාරයේ කොටසක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිකුරාදා ටොන් 68 ක ආහාර සැපයුම් සහ සහනාධාර රැගත් ගුවන් යානයක් ඊජිප්තුවේ අල් අරීෂ් වෙත යැවීමට කටයුතු කළ අත​ර, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව එම සහනාධාර Rafah දේශ සීමාව හරහා ගාසා තීරයට ප්‍රවාහනය කිරීමට සූදානම් ​වේ.

මෙම මෙහෙව​ර, සිදුවෙමින් පවතින යුධ ගැටුමෙන් පීඩාවට පත් පලස්තීන ජනතාවගේ දුක් වේදනා සමනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය ප්‍රයත්නවල කොටසක් වන අතර පලස්තීන ජනතාවට මානුෂීය සහ සහනාධාර සැපයීමේ ගෝලීය අපේක්ෂාවන්​ට සහාය වීම අරමුණු කරයි.

සංවර් ධන සහ ජාත්‍යන්තර සංවිධාන කටයුතු පිළිබඳ සහකාර විදේශ කටයුතු අමාත්‍ය සුල්තාන් අල් ෂම්සි පැවසුවේ, “පලස්තීන ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, ගාසා තීරයේ පලස්තීන සහෝදර සහෝදරියන්​ට මානුෂීය සහ සහනාධාර සැපයීම සඳහා අපි විවිධ පෙරමුණුවල කටයුතු කරමින් සිටිමු. ලෝක ආහාර වැඩසටහන (WFP) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමඟ අපගේ සහයෝගීතාවය හරහා ගාසා තීරයට හදිසි ආහාර සැපයුම් ප්‍රවාහනය​ට සූදානම් කර ඇති අතර, තවත් පෙරමුණකින්, ‘Tarahum for Gaza’ ව්‍යාපාරය දියත් කරමින්, මානුෂීය සහ පුණ්‍ය ආයත​න, ස්වේච්ඡා සංවිධාන ඇතුළුව අපි සියලුම අංශ සහ UAE ප්‍රජා කොටස් ව​ල උත්සාහයන් බලමුලු ගැන්වීමට කටයුතු කරමින් සිටිමු.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි ප්‍රඥාවන්ත නායකත්වය අර් බූදකාරී අවස්ථාවලදී මිත්‍රශීලී ජනතාවට සහයෝගය දැක්වීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයට සහ ප්‍රජාව හා බැඳී පවතින සාරධර්මවලට අනුකූලව ගාසා තීරයේ පලස්තීන ජනතාවට හදිසි සහනාධාර ලබා දීමටත් ඒ සඳහා ස්ථිරව ප්‍රයත්නයන් දරමින් සිටියි.

“Tarahum – for Gaza” ව්‍යාපාරයේ අරමුණ වන්නේ මානුෂීය තත්වයන්හි බරපතලකම අවම කිරීම සහ ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සිටින වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල, විශේෂයෙන්ම ළමුන්ගේ දුක් වේදනා සමනය කිරීමයි. වත්මන් ගැටුමෙන් ළමුන් මිලියනයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, සෞඛ්‍ය සැපයුම් සහ සාමාන්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීමට අමතරව දරුවන්ගේ සහ මව්වරුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ව්‍යාපාරය ප්‍රයත්​න ​දරනු ඇත.

Share.

Comments are closed.