එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රල් මිල මේ වසරේ 25% කින් ඉහළ ගොස් ඇති අතර, ජනවාරි මාසයේ සිට ඉන්ධන සඳහා පිරිවැය උච්චාවචනය වී ඇත.

ඔක්තෝබර් 1 වනදා විට, Special 95 හි ඉන්ධ​න ලීටරයකට ඩිරාම් 3.33 ක් වන අතර එය ජනවාරි මාසයේ දී ඩිරාම් 2.67 ට වඩා 24.7% ක වැඩිවීමකි. මෙය ඉහළම වැඩිවීමක් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන පිරවුම්හල්වල සියලුම වර්ගයේ ඉන්ධන වැඩි වී තිබේ.

Super 98 ජනවාරි මාසයේ සිට 23.7% කින් වැඩි වී ඇති අතර E-plus 10.5% කින් ඉහළ ගොස් ඇත. මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයින් සඳහා ඩීසල් මිල වඩාත් මධ්‍යස්ථ 8.5% කින් ඉහළ ගොස් ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධ​න මිල පොදුවේ ගත් කල වැඩිවීමක් සිදුවී ඇති අතර එක් එක් ඉන්ධන වර්ග​යේ මිල වැඩිවී​ම හා එය ප්‍රතිශතයක් ලෙස පහත ආකාරයෙන් දැක්විය හැක:

  • Special 95 – ලීටරයක් ජනවාරි මාසයේ ඩිරාම් 2.67 සිට ඩිරාම් 3.33 දක්වා, 24.7% ක වැඩිවීමක්
  • Super 98 – ලීටරයක් ජනවාරි මාසයේ ඩිරාම් 2.78 සිට ඩිරාම් 3.44 දක්වා, 23.7% ක වැඩිවීමක්
  • E-Plus – ලීටරයක් ජනවාරි මාසයේ ඩිරාම් 2.95 සිට, ඩිරාම් 3.26 දක්වා, 10.5% වැඩිවීමක්
  • ඩීසල් – ලීටරයක් ජනවාරි මාසයේ ඩිරාම් 3.29 සිට, ඩිරාම් 3.57 දක්වා, 8.5% කින් වැඩි විය.

වසර පුරා, ඉන්ධන පොම්ප කිරීමේ මිළ මත ගෝලීය බලශක්ති වෙළෙඳපොළෙහි පවති​න ගතිකත්වයන් හේතුවෙන් මෙසේ ඉන්ධ​න මිල උච්චාවචනය වෙයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව සෑම මසකම රැස්වී මිල වැඩි කිරීම ​හෝ අඩු කිරීම පිළිබඳ​ව තීරණය කරයි.

Share.

Comments are closed.