Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකාවේ රස ජාත්‍යන්තරයට ගෙනයමින් ඩුබායිහිදී ආහාර සැණකෙළියක්
Events

ශ්‍රී ලංකාවේ රස ජාත්‍යන්තරයට ගෙනයමින් ඩුබායිහිදී ආහාර සැණකෙළියක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 22, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි ආයතනයක් වන Rush Events ආයතනය විසින් Ceylon Food Festival නමින් ආහාර සැණකෙළියක් ඩුබායිහි පැවැත්වීමට කටයුතු සූදානම්කොට තිබෙන අතර එය දෙසැම්බර් මස 2 සහ 3 යන දෙදින තුල පෙ:ව: 10:00 සිට රාත්‍රී 11:00 දක්වා ඩුබායි සබීල් පාර්ක් හිදී පැවැත්වීමට නියමිතයි. මෙය සංවිධානයකොට ඇත්තේ සූපශාස්ත්‍ර සංචාරක (culinary Tourism) සංකල්පය අනු​ව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය​ට දායක වීමේ අරමුණින්.

මෙම අවස්ථාවට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනුග්‍රහය දක්වනු ඇත.

මෙම ආහාර සැණකෙළියේ අරමුණ සහ දැක්ම වන්නේ “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අව්‍යාජ ශ්‍රී ලාංකීය ආහාර වර්ග බෙදාහදා ගැනීම, සූපශාස්ත්‍ර සංචාරක සංකල්පය ඉස්මතු කරමින් ශ්‍රී ලාංකීය ආහාර විවිධ රටවල් සහ සංස්කෘතීන් අතර ප්‍රවර්ධනය කිරීම” යනුවෙන් RUSH Events හි කළමණාකාර අධ්‍යක්ෂ රසිඳු ලක්මාල් මහතා පැවසීය.

“ශ්‍රී ලාංකේය ආහාර වර්ග වෙනත් ආහාර සංස්කෘතීන්ගෙන් වෙනස් වන අනන්‍ය රසයක් සහ ස්වකීය ස්වරූපයක් ඇති අතර ඒවා විදේශයන්හි ප්‍රවර්ධනය කිරීමේදී විශාල ගමනාන්ත වටිනාකමක් අපි දකිමු” යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා පැවසීය. සිංගප්පූරුවේ ප්‍රමුඛතම ආහාරයක් වන ජනප්‍රියම සිංගප්පූරු කකුළුවා ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන අතර ලෝක ප්‍රසිද්ධ තේ වලට අමතරව ශ්‍රී ලංකාව එහි කුරුඳු ලොවෙන් 80% ක් සපයන බව ඔහු අනාවරණය කළේය.

මෙම සුවිශේෂී උත්සවයේ ප්‍රධාන අරමුණු අත​ර ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරය සහ අනන්‍යතාවය ප්‍රවර්ධනය කිරීම, අව්‍යාජ ශ්‍රී ලාංකීය ආහාර පිසීම, රට තුළ ගවේෂණය සඳහා සහභාගීත්වය සහ සම්බන්ධය වැඩි කිරීම, විවිධාංගීකරණය වූ ආහාර පරාසයන් පිළිබඳ පණිවිඩය ප්‍රචාරය කිරීම, රසවත් ආහාර වට්ටෝරු සහ ආහාර වර්ග බෙදාදීම සහ දැනුම ව්‍යාප්ත කිරීම ඇතුලත් වෙනවා.

මෙම උළෙල වර්ණවත් කිරීම​ට ප්‍රමුඛ ගායන ශිල්පීන්ගේ සජීවී ගායන සහ සංගීත සංදර්ශන, චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශන, ඩැඩීස් සංගීත කණ්ඩායමේ ප්‍රසංග, ළමා ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්, ආහාර නොවන වෙළඳපොළ ප්‍රදර්ශනය, ආහාර ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ.

මෙය විදේශීය ජාතිකයින්ට ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ආහාරපාන සහ ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය අත්විඳීමට ප්‍රබෝධමත් අවස්ථාවක් වනු ඇති අතර, පැහැදිලිවම ඔවුන් ‘තවත් දේ සඳහා නැවත පැමිණීමට’ ඉඩ සලසාලයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රල් මිල 25% කින් ඉහළ​ට
Next Article ඉන්දියා​ව අපරාජිත වාර්තාව රැකගනිති
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.