ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය, (RTA) ජුමේරියාහි වීදිවල ඩිජිටල් සිතියම් නිර්මාණය කිරීමේ මූලික අදියර සම්පූර්ණ කර ඇති අතර, ස්වයංක්‍රීය ධාවන තාක්‍ෂණ සමාගමක් වන Cruise හි ස්වයංක්‍රීය වාහන, වාණිජමය වශයෙන් යෙදවූ එක්සත් ජනපදයෙන් පිටත පළමු නගරය ලෙස ඩුබායි ස්ථානගත කර ඇත. RTA සහ Cruise එක්ව පළමු ස්වයංක්‍රීය කුලී රථ සවාරිය හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින අතර 2030 වන විට වාහන 4,000ක් එක්කරලීම​ට සැලසුම් කර ඇත.

2022 වසර සඳහා සිය අටවන වාර්ෂික තිරසාර වාර්තාව නිකුත් කිරීමත් සමඟ අධිකාරිය විසින් මෙය අනාවරණය කරන ලදී. ඒ අනුව RTA විසින් ඩුබායිහි විවිධ ක්ෂේත්‍ර හරහා ගෝලීය ස්ථාවරය, විශේෂයෙන් තිරසාර බව ඉහළ නැංවීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. පසුගිය වසරේ, RTA සිය නව උපායමාර්ගික සැලැස්ම 2023- 2030 දියත් කරන ලද අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැක්ම වන “We are the Emirates 2031” සමඟ සමපාත විය. මෙම සැලැස්ම ඩුබායි නාගරික සැලැස්ම 2040 සමඟ ද සමපාත වන අතර, ඩුබායි තිරසාර නගරයක් සඳහා වූ ඒකාබද්ධ ආකෘතියක් බවට හැඩගැස්වීම අරමුණු කරගත් ප්‍රධාන පරිච්ඡේද ඊට ඇතුළත් වේ.

මෙම සන්දර්භය තු​ල, RTA විසින් අනාගත ප්‍රවාහන ජාලයන් සඳහා නව්‍ය විසඳුම් සැකසීමට ගෙන ඇති සහයෝගී ප්‍රයත්නය ඉස්මතු කරන ලදී. ස්වයංක්‍රීය සංචලනය සහ සහායක අනාගතය සිතියම්ගත කිරීම එහි කැපවීමේ කොටසකි. 2030 වන විට ඩුබායි හි සංචලතා ගමන්වලින් සියයට 25% ක් ස්මාර්ට් සහ රියදුරන් රහිත ගමන් බවට පරිවර්තනය කිරීම සඳහා ඩුබායිහි ස්මාර්ට් සහ ස්වයං-රිය පැදවීමේ ප්‍රවාහන උපාය මාර්ගය ඉලක්ක කො​ටඇත.

ඩුබායිහි කුලී රථ (ඩුබායි කුලී රථ සහ ෆ්‍රැන්චයිස් සමාගම්වල කුලී රථ) 2027 වන විට 100%ක් පරිසර හිතකාමී (දෙමුහුන්, විදුලි සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන) බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් RTA විසින් අනුමත කර ඇත. මෙම පියවර 2050 වන විට ඩුබායි හි පොදු ප්‍රවාහනයෙන් ශුන්‍ය විමෝචනයක් ඇති කිරීමට RTA හි මාර්ග සිතියමට සහ විස්තීරණ පාරිසරික තිරසාරභාවය සඳහා ඩුබායි රජයේ උපාය මාර්ගික වැඩපිළිවෙල​ට අනුකූල වේ.

Share.

Comments are closed.