ඩුබායි හි එමිරේට්ස් ගුවන් සේවය විසින් ගුවන් මගීන් ​සඳහා ආහාර පෙර ඇණවුම් කිරීමේ සේවාවක් මීට මාස කීපයකට පෙරදී දියත් කල අත​ර එහිදී ගුවන් මගීන්​ට ඔවුන්ගේ ගුවන් ගමනට දින ගනනාව​ක​ට පෙර සිට​ම ඔවුන්ගේ පියාසර ආහාර වේ​ල කලින් ඇණවුම් කළ හැකිය.

ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කල ​එම සේවාව රියාද්, ජෙඩා, දිල්ලි, මුම්බායි සහ ක්වාලාලම්පූර් ඇතුළු නව මාර්ග 30ක් සමඟින් එමිරේට්ස්හි, ආහාර පෙර ඇණවුම් කිරීමේ සේවාව දැන් ගෝලීය වශයෙන් මාර්ග 92ක් දක්වා වැඩි දියුණු කොට තිබෙනවා.

දැනටමත් ගුවන් ගමන් 3,000කට වැඩි ප්‍රමාණයක​ට පෙර ඇණවුම් 10,000කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති අතර දිනකට එමිරේට්ස් පාරිභෝගිකයන් විසින් ආහාර පෙර ඇණවුම් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලැබේ.

නව සේවාව මගින් ව්‍යාපාරික පන්තියේ මගීන්ට තම ගුවන් ගමන පිටත්වීමට දින 14ත් පැය 24ත් අතර කාලයකට පෙර ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේ​ල තෝරා ගැනීමට ඉඩ සලසයි. සෑම අවස්ථාවකදීම ඔවුන් කැමති තේරීමක් ලබා ගැනීම සහතික කිරීම මෙන්ම ආහාර නාස්තිය අවම කිරීමට මෙමගින් හැකි වේ.

ගුවන් ගමනකට දෙසතියකට පෙර, දේශීයව මූලාශ්‍ර කරගත් අමුද්‍රව්‍ය සහිත කලාපීය වශයෙන් ජනප්‍රි​ය කෑම වර්ග තෝරා ගැනීම සඳහා මාර්ගගතව හෝ ගුවන් සේවා යෙදුම හරහා ඔන්බෝඩ් මෙනුව බ්‍රවුස් කිරීමට මගීන්ට ආරාධනා කෙරේ.

දැනට පවතින කෘතීම බුද්ධිය සක්‍රීය කල (AI-Enabled) සේවාව හරහා පාරිභෝගික මනාප හඳුනාගැනී​ම සහ කැබින් කාර්ය මණ්ඩලයට අවශ්‍ය වාර්තා ලබාගැන්ම සඳහා මෙම සේවාව සකසා ඇත. මෙම දත්ත ගුවන් ගමන් සඳහා විශිෂ්​ට භෝජන අත්දැකීමක් ලබා දීම​ට මෙනු සැලසුම් කිරීම සහ ගුවන් යානා සඳහා ප්‍රශස්ත ආහාර පැටවීම පහසු කිරීමට උපකාරී වේ.

Share.

Comments are closed.