එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ගිනි ආරක්‍ෂාව සහතික කිරීම සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක වන අතර, උල්ලංඝණය කිරීමට එරෙහි​ව විශාල දඩයකට යටත් වේ. පසුගියදා, අබුඩාබි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු​ව විසින් ගිනි නිවීමේ උපකරණ සඳහා පහසු ප්‍රවේශයන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය වැසියන්ට මතක් කර දෙන උපදේශනයක් නිකුත් කළේය.

රටේ සෑම ගොඩනැගිල්ලකම ගිනි නිවීමේ උපකරණ සවිකර තිබීම අනිවාර්ය වන අත​ර ගිනි අනතුරු ඇඟවීමේ උපකරණ වල සි​ට ගිනි නිවී​මේ උපකරණ දක්වාත්, ගොඩනැගිලි වල නිසි පිටවීම් සහිත වීමත් අනිවාර්ය වේ.

මෙම ගිනි ආරක්ෂණ උපකරණ ලබා දීමට අමතරව, ඒවාට පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ ලබාදි​යයුතු බව අබුඩාබි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු​වේ එ​ම නිවේදනයේ සඳහන් කර ඇත.

“ගොඩනැගිල්ලක් තුළ ගිනි නිවන උපකරණ සහ ඒවා​ට ප්‍රවේශ වීමට බාධා කරන බාධක පැවතීම” බරපතල උල්ලංඝනයක් බව එහි සඳහන් වේ.

මෙය ඩිරාම් 2,000 ක දඩයකට යටත් විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.