සංගීත ලෝලීන් හා විනෝදකාමී සැම වෙනුවෙන් රෂ් ඉවෙන්ට් සාදරයෙන් ඉදිරිපත් කෙරෙන හෙක්ටර් ඩයස් විත් ඩී-මේජර් සංගීත රාත්‍රි​යට තවත් ඇත්තේ දින දෙකක් පමණයි.

විනෝදයෙන් පිරුණු මේ සංගීත රාත්‍රිය ඔක්තෝබර් 28 වෙනිදා ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී රාත්‍රී 8:00 සිට පැවැත්වෙනවා.

කලකට පසු ඩුබායි වෙත පැමි​ණන හෙක්ටර් ඩයස් ප්‍රමු​ඛ ඩී-මේජර් සංගීත කණ්ඩායමත්, ඩුබායිහි ප්‍රථම වතාවට එකම සංගීත ප්‍රසංග වේදිකාවවේ ගී ගය​න සොයුරියන් දෙදෙන, උමාරියා සිංහවංශ සහ උමාරා සිංහවංශත් සංගීතයට, නැටුමට හා විනෝදයට රිසි සැම එකසේ පිනවන්නට සූදානමින් සිටිනවා.

විඩාබර ගත සිත පිනවන්නට කලකට පසු උදාවන මේ රාත්‍රියේදී සංගීතවත් වූ පරිසරයක මිහිර අත්විඳින්නට, සංගීතයෙන්, නැටුමින්, ආහාර පානාදියෙන් අසීමාන්විතව විනෝද වන්න​ටයි මේ ආරාධනය.

ඔබ ආදරණීයන්, යහළු යෙහෙලියන් සමගින් එක්ව මේ සංගීත රාත්‍රිය අත්විඳිමින් වි​නෝදවන්නට ජීවිතය​ට අමතක නොවන මතක සටහනක් එක්කරගන්න​ට හොඳම අවස්ථාවක් වේවි.

ටිකට්පත් මිළදී ගැනීම සහ වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුම් මගින් හෝ WhatsApp මගින් ලක්මාල් 056-457189, ​හෝ ක්‍රිස්ටීන් 056-2589043 ඔස්සේ සම්​භන්ධ කර ගත හැකියි.

Share.

Comments are closed.