බ්‍රහස්පතින්දා උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ බොහෝ ප්‍රදේශවල ඇතිවූ දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් රට තුල උෂ්ණත්වයේ පහත වැටීමක් දක්නට ලැබුණි. වලාකුළු සහිත තත්ත්වය හේතුවෙන් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) රට පුරා කහ සහ රතු අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

NCM වාර් තා කළේ, “අස්ථාවර කාලගුණයේ අඛණ්ඩ පැවැත්මක්” පවතිනු ඇති බවයි.

විටින් විට අහස අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් වළාකුළෙන් බ​ර වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර වලාකුළු විසිරී ඇති ප්‍රදේශවල වර්ෂාපතනය සහ ගිගුරුම් ව​ල විවිධ තීව්‍රතාවයන්ගෙන් සිකුරාදා දිනයේදී​ද වැසි අපේක්ෂා කෙරේ.

තවදුරටත් උෂ්ණත්වය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සාමාන්‍යයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39˚ දක්වා අඩු වන අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19˚ දක්වා අඩු විය හැකි අතර උෂ්ණත්වය අවම වශයෙන් තිස් ගණන්වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩුබායි නගරයේ දැනට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ක් සහ වළාකුළු පිරි අහසක් පවතී.

උපරිම ආර් ද්‍රතාවය 85% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පැයට කිලෝමීටර් 10-25 පම​ණ වේගයකින් හමා යන සුළ​ඟ, විටින් විට පැයට පැයට කිලෝමීටර් 60 දක්වා වර්ධනය වී හමා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුළඟින් දූවිලි හා වැලි හමා යන අතර සමහර ප්‍රදේශවල දෘශ්‍යතාව අඩු වේ.

විශේෂයෙන් අරාබි ගල්ෆ් මුහුදු ප්‍රදේශයේ, වලාකුළු ක්‍රියාකාරකම් වැඩි වන විට තත්ත්වය විටෙක මධ්‍යස්ථ සිට රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share.

Comments are closed.