අබුඩාබි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ සෙමින් රිය ධාවනය කිරීමේදී නිවැරදි තීරු​වේ රැඳී සිටින ලෙසත්, වේගවත් මංතීරුවල එසේ කිරීමෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වන අතර රියදුරන් ව්‍යාකූල වීම මගින් බරපතල අනතුරු සිදු විය හැකි බවයි.

අධිකාරිය පැහැදිලි කළේ ප්‍රමුඛත්වය දියයුතු පිටුපසින් පැමිණෙ​න හෝ පසුකර යන මංතීරු​වේ  වාහනවලට ඉඩ නොදීම සඳහා දඩ මුදල ඩිරාම් 400 ක් බවයි.

ආරක්‍ෂිතව රිය පැදවීමේ අවශ්‍යතාව සහ දකුණෙන් පසුකර නොයෑමත් ඉන් අනතුරට ලක්වීමට හෝ මරණයට පවා තුඩු දිය හැකි විශාල අනතුරුවලට හේතු වන බව පොලිසිය අවධාරණය කරයි.

රථවාහන අනතුරු වැලැක්වීම සඳහා අබුඩාබි ප්‍රධාන මාර්ගයන්හි වේගවත් මංතීරුවල අවම වේග සීමාව පැයට කිලෝමීටර 120ක් ක්‍රියාත්මක කර ඇත. tailgating, එනම් වාහන අතර ප්‍රමාණවත් දුරක් පවත්වා නොගැනීම ද වරදක් බවත් රියදුරන්ට ඩිරාම් 400 ක දඩයක් ද පැනවිය හැක. අබුඩාබි හි වේගවත් මංතීරුවේ tailgating සඳහා රේඩාර් පද්ධති​ය ඉදිරියෙන් සහ පසුපසින් ඇති වාහන දෙක​ටම දඩ නියම කරනු ඇත. කෙසේ වෙතත්, පිටුපස ඇති වාහනයට tailgating සඳහා අමතර කළු ලකුණු හතරක් ලැබේ.

Share.

Comments are closed.