ඩුබායි මහ නගර සභාව විසින් ස්වයංක්‍රීයව ධාවනය වන විද්‍යුත් පිරිසිදු කිරීමේ වාහනයක් හඳුන්වා දී ඇති අත​ර එමගින් ඩුබායි හි වෙරළ අවට පාපැදි ධාවන පථ පිරිසිදු කිරීම ස්වයංක්‍රීය කිරීමට නියමිතය.

X වෙත නිවේදනයක් ගෙනයමින් ඩුබායි මහ නගර සභාව ඩුබායිහි වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ අරමුණු සඳහා මෙම නව ව්‍යාපෘතිය සිදු කරන බව ප්‍රකා​ශ කළේය.

“ඩුබායි මහ නගර සභාව Jumeirah සහ Umm Suqeim වෙරළ තීරයේ පාපැදි මාර්ග පිරිසිදු කිරීම සඳහා ස්වයංක්‍රීයව ධාවනය වන විද්‍යුත් වාහනයක් අත්හදා බලන බව නිවේදනය කර ඇත” යනුවෙන් ඩුබායි මහ නගර සභාව පළ කොට තිබිණි.

මෙම ව්‍යාපෘතිය කසළ ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට සහ “ඩුබායිහි සියලුම පහසුකම් සහ සංචාරක ගමනාන්තවල පිරිසිදුකම සහ සෞන්දර්යාත්මක ආකර්ෂණය පවත්වා ගැනීමට” ඔවුන් දරන උපායමාර්ගික ප්‍රයත්නවල කොටසක් බව එම නිවේදන​යේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩුබායි මහ නගර සභාව “පරිසර දූෂණය සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා ස්වයංක්‍රීය සහ විද්‍යුත් වාහන ඇතුළු නවතම තාක්‍ෂණයන් භාවිතා කරන” බව ද එහි සඳහන් වේ.

මෙම නව වාහනයෙහි ඉදිරිපස පිරිසිදු කිරීමේ භ්‍රමණ බුරුසු වලින් සමන්විත වන අතර රියදුරෙකුගේ අවශ්‍යතාවයකින් තොරව ක්‍රියාත්මක වේ. වාහනයේ සංවේදක වලින් සමන්විත වන අතර එමඟින් මාර්ග හරහා ගමන් කරන මගීන් හඳුනා ගන්නා අතර ගැටුම් වළක්වා ගැනීම සඳහා ස්වයංක්‍රීයව තිරිංග යෙදීම සිදුකරයි.

ශ්‍රමික භාවිතයට සාපේක්ෂව ඉහළ ඵලදායිතාවයක් ඇති මෙම රියදුරන් රහිත පිරිසිදු කිරීමේ වාහනය එක් ආරෝපණයකින් අඛණ්ඩව පැය 8ක් ක්‍රියාත්මක කළ හැක.

වාහනය පරිසර හිතකාමී වන අතර සාමාන්‍ය මාදිලියේදී පැයට කිලෝමීටර 40 ක සාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ හැකිය.

Share.

Comments are closed.