ඩුබායි නගර​ය, Kearney’s Global City Index හි MENA කලාපයේ සිය ප්‍රමුඛ ස්ථානය රඳවා ගනිමින්, ගෝලීය වශයෙන් 23 වන ස්ථානයට පත්ව ඇති අතර අඛණ්ඩව තෙවැනි වසරටත් හොඳම නගර 25 හි ස්ථානය​කට හිමිකම් කියයි.

ගෝලීය නගර දර්ශකය (GCI) මගින් ප්‍රාග්ධනය, මිනිසුන් සහ අදහස්, ගෝලීය ප්‍රවාහයන් ආකර්ෂණය කර ගැනීම, රඳවා තබා ගැනීම සහ උත්පාදනය කිරීමට නගරයකට ඇති හැකියා​ව ගණනය කිරීමට උත්සාහ කරයි. නගර මනිනු ලබන්නේ ප්‍රධාන මානයන් පහකට අනුව ය: මානව ප්‍රාග්ධනය, තොරතුරු හුවමාරුව, සංස්කෘතික අත්දැකීම්, දේශපාලන කටයුතු සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් ඒ අතර වෙනවා.

මැද පෙරදිග සහ අප්‍රිකාවේ නගර කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වීමත් සම​ග විශේෂයෙන්, ගල්ෆ් රටවල අගනුවර ඔවුන්ගේ සමස්ත ලකුණුවල විශාල දියුණුවක් ඇති කර ගත් අතර රියාද්, මස්කට් සහ දෝහා ඔවුන්ගේ සමස්ත ශ්‍රේණිගත කිරීම් අතරින් පිළිවෙලින් නවය, අට සහ හත්වන ස්ථානය ලෙසින් වැඩි දියුණු වී ති​බේ.

මෙම වර්ධනය මූලික වශයෙන් මෙහෙයවනු ලැබුවේ මානව ප්‍රාග්ධන මානයෙහි ප්‍රබල ක්‍රියාකාරිත්වය මගිනි, ඔවුන් ජාත්‍යන්තර සංචාරවල නිදහස් භාවය ඇතිකිරීම මගින්​ද, කුසලතා ඇති සංක්‍රමණිකයන් සහ සංචාරක ව්‍යාපාරය විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමෙන්​ද පූර්ව වසංගත මට්ටම් වෙත ආපසු ලඟාවී ඇත.

National Transformation Institute හි හවුල්කරු Kearney Rudolph Lohmeyer අදහස් දක්වමින්, “ගෝලීය වෙළඳාම සාමාන්‍ය මට්ටමට නැවත පැමිණෙන විට, ගල්ෆ් කලාපයේ ප්‍රධාන නගර සමෘද්ධිය, ඔරොත්තු දීමේ හැකියාව සහ අවස්ථාවන් තුලින් ඉහල​ට මතුවී තිබේ. අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ වුවත් ඔවුන්ගේ ඔරොත්තු දෙන ආර්ථික ක්‍රියාකාරිත්වය, ජීවනෝපාය සහ දක්ෂතා ආකර්ෂණය කරගැන්ම හා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සාමූහික අවධානයක් සමඟින්, විදේශිකයන් වැඩි සංඛ්‍යාවක් ආකර්ෂණය කරගෙ​න ඇති අතර, ඔවුන් පශ්චාත් වසංගත ලෝකයේ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්පත් කරගෙ​න ඇත. අභිලාෂකාමී ජාතික දර්ශනයක් ලබා දීමට සහ පුනර්ජනනීය මානසිකත්වයක් පවත්වා ගැනීමට ඇති දැඩි කැපවීම ප්‍රතිඵලදායක වී ති​බේ.”

GCI විසින් ගෝලීය නගර, නායකත්වයේ වර්තමාන තත්ත්වයන් ග්‍රහණය කර ගන්නා අතර, Global City Outlook (GCO) අනාගතයේ දී ගෝලීය ප්‍රමුඛත්වය ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති එම නගර හඳුනා ගැනීම අරමුණු කරයි.

සෝල්, ඔසාකා සහ චෙන්නායි ඇතුළු ආසියාවේ ගෝලීය කේන්ද්‍රස්ථානයන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, යුරෝපීය නගර පළමු ශ්‍රේණිගත කිරීම් 30 තුළ ශක්තිමත් පැවැත්මක් පවත්වා ගෙන යන බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.