ඩුබායිහි වාර්ෂික Dubai Fitness Challenge සඳහා සූදානමත් සමග, වැසියන් වඩා හොඳ සෞඛ්‍ය සහ යෝග්‍යතාවය සඳහා පරිවර්තනීය මාසයක් ආරම්භ කිරීමට උනන්ඳුවෙන් සූදානම් වෙමින් සිටිති. නගරය පුරා ඔක්තෝබර් 28 වැනිදා සිට නොවැම්බර් 26 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපාරය හරහා විවිධාකාර වූ ව්‍යායාම විකල්පයන් සමගින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට පුද්ගලයන්ව පෙලඹවීම අරමුණු කරයි.
Dubai Fitness Challenge යටතේ ඉසව් කීපයක් ක්‍රියාත්මක කෙරෙණු ඇති අතර එහි ප්‍රමුඛම ඉසව් දෙක වන්නේ:
ඩුබායි සවාරිය (Dubai Ride): නොවැම්බර් 12 දිනට සැලසුම් කර ඇති අතර, එය නගරයේ විශාලතම පාපැදි ඉසව්ව වන අතර, එම අවස්ථාව සනිටුහන් කිරීමට දහස් ගණනක් ෂෙයික් සයීඩ් මාර්ගයට පැමිණෙනු ඇත.
ඩුබායි ධාවනය (Dubai Run): නොවැම්බර් 26 දිනට සැලසුම් කර ඇති අතර, එය සහභාගිවන්නන්ට ප්‍රීතිමත් අත්දැකීමක් ලබා දෙන ලොව විශාලතම විනෝද ධාවන ඉසව්වක් වේ.
මීට අමතරව, ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ දැක්ම අනුව 30×30 අභියෝගය වෙනුවෙන් අඛණ්ඩව දින 30ක් දිනපතා මිනිත්තු 30ක ව්‍යායාමයක නිරත වීමට සහභාගිවන්නන් උනන්ඳු කරනු ලැබේ.
එලෙසම විවිධ ක්‍රියාකාරකම් ගනනාවක් Fitness Challenge ව්‍යාපාරය යටතේ ක්‍රියාවට නන්වනු ඇති අතර ඒ යටතේ දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, යෝග, බර ඉසිලීම ඇතුළු පුළුල් පරාසයක ක්‍රියාකාරකම් ඇතුලත් වේ.
යෝග්‍යතා ගම්මාන සහ වාර්තා උත්සාහයන්
යෝග්‍යතා ගම්මාන තුනක් ආශ්‍රිතව නොමිලේ ක්‍රියාකාරකම් සහ දැනුවත් කිරීමේ පන්ති පවත්වනු ඇත. මීට අමතරව, Sheikh Zayed මාර්ගයෙහි ලොව විශාලතම HIIT class සඳහා ගිනස් ලෝක වාර්තාවක් තැබීමට උත්සාහයක්ද දරණු ඇත.
Dubai Fitness Challenge හුදු සිදුවීමක්ම නොවේ, එය පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිතවලට කල්පවත්නා ධනාත්මක වෙනස්කම් ඇති කර ගැනීමට අවස්ථාවකි. සෞඛ්‍ය සහ යෝග්‍යතාවය සඳහා මෙම පරිපූර්ණ ප්‍රවේශය වැළඳ ගැනීමෙන්, ඩුබායි වැසියන් මෙම අභියෝගයෙන් වෙන කවරදාටත් වඩා ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න සහ වඩා ජවසම්පන්න ලෙස ඉස්මතු වීමට සූදානම් වේ.