ඩුබායිහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය සාර්ථකව 9 වැනි වරටත් සංවිධානය කරනු ලබන ඩුබායි-කඨින චීවර පූජාමහෝත්සවය නොවැම්බර් මස 05 වන ඉරිදා දින සවස 6 සිට ඩුබායි ලී මෙරිඩියන් හෝටල් පරිශ්‍රයේදී (ඩුබායි ගුවන් තොටුපල පර්යන්ත-1 ඉදිරිපිට) පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

කඨින චීවර පූජාමහෝත්සවය සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක, මහෝපාධ්‍යාය අතිගරු පූජනීය පහළවිටියල ජනානන්ද මහා ස්වාමීන්වහන්සේත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි ශ්‍රීමත් මහානායක ධුරන්දර, අග්ගමහා පණ්ඩිත අතිගරු පූජනීය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක ස්වාමීන්වහන්සේත්, ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායෙහි ශ්‍රීමත් මහානායක ධුරන්දර, අග්ගමහා පණ්ඩිත අතිගරු පූජනීය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමීන්වහන්සේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි ප්‍රධාන සංඝනායක, තලවතුගොඩ ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටක විශාරද අතිගරු පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ශ්‍රී ලංකාවේ සිට මෙම මහාණීය පිංකම සඳහා වැඩම කරනු ලබනවා.

උපන් දේශයෙන් බොහෝ දුරබැහැරක සිදුකෙරෙන මෙවන් දුර්ලභ මහාණීය පුණෝත්සවයක් සඳහා සහභාගී වෙමින් පින් රැස්කරගැනීමට මෙය මහඟු අවස්ථාවකි.

පින්කම පිළිබද වැඩි විස්තර සඳහා : 054 320 1974 – 050 369 4542

Share.

Comments are closed.