එමිරේට්ස් ශ්‍රම වෙළඳපොළ සම්මානයේ පළමු වටයේදී ඩිරාම් මිලියන 9ක් වටිනා ත්‍යාග ලබා දීම​ට නියමිතය. ත්‍යාග සංචිතයට ප්‍රතිලාභ, තෑගි සහ මුදල් ත්‍යාග ඇතුළත් වේ.

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) ආයතන, ශ්‍රම බලකාය සහ ව්‍යාපාර සේවා හවුල්කරුවන් යන කාණ්ඩ තුනකින් මෙම සම්මානය සඳහා නාමයෝජනා 3,500කට අධික ප්‍රමාණයක් ලැබී ඇත.

පළමු කාණ්ඩය යටතේ, MoHRE ගාස්තු මත ඩිරාම් මිලියන 1.5 දක්වා වට්ටම් වලට අමතරව ආයතන හතරකට ‘1 කාණ්ඩයේ’ වර්ගීකරණයක් ලැබේ.

ශ්‍රම බලකා කාණ්ඩයේ, ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලැබෙනු ඇත:

පළමු ජයග්‍රාහකයාට: ඩිරාම් 100,000

දෙවන ජයග්‍රාහකයාට: ඩිරාම් 50,000

තෙවෙනි ජයග්‍රාහකයාට: ඩිරාම් 25,000

හතරවන සිට 10 වන ජයග්‍රාහකයා දක්වා: ඩිරාම් 11,000 බැගින්

ජයග්‍රාහකයින් නොවැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ. එමිරේට්ස් ශ්‍රම වෙළඳපොළ සම්මානය පුද්ගලික අංශයේ ආයතන, ව්‍යාපාරිකයන් සහ සේවකයන්ගේ උත්සාහය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම වෙළඳපොළ තුළ සාර්ථක භාවිතයන් ඇගයීම අරමුණු කරයි.

Share.

Comments are closed.