ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පොදු සහ නගරාන්තර බස් රථවල මගීන්​ට සුවපහසුව සහතික කිරීම සහ උල්ලංඝනයන් වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කොට ති​බේ.

මාර්ගෝපදේශ පියවර කිහිපයක් විස්තර කරයි:

  • පොදු සහ නගරාන්තර බස් රථ භාවිතා කිරීමට පෙර නොල් කාඩ් පත topped up ක​ර ඇති බව සහතික කර ගන්න.
  • බසයට ඇතුළු වන විට නොල් කාඩ්පත ටැප් කිරීමට වග බලා ගන්න.
  • බස්රථ වල කෑම බීම තහනම්.
  • බස්රථ වල කුණු දැමීමෙන් වළකින්න.
  • රියදුරු සමඟ කතා කිරීමෙන් වළකින්න සහ ඒ වෙනුවට විමසීම් සඳහා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
  • තම බඩු බාහිරාදිය අහිමි වුවහොත් 908 අංක​ය අමතන්න.
  • ප්‍රමුඛතාවය සඳහා ඉදිරිපස ආසන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, කාන්තාවන්, ළමුන් සහ ආභාධි​ත පුද්ගලයන් සඳහා වේ.

අධිකාරිය පසුගියදා RTA, X හරහා නිවේදනය කළේ: “ඔබ පොදු බස් පරිශීලකයෙක් නම්, ඔබේ සුවපහසුව සහතික කිරීමට සහ උල්ලංඝනයන් වළක්වා ගැනීමට පොදු සහ නගරාන්තර බස්රථ හරහා ගමන් කිරීමේදී සඳහන් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන්න.”

Share.

Comments are closed.