යුධමය වාතාවරනය යටතේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පලස්තීන දරුවන් 1,000කට, ඔවුන්ගේ පවුල් කැටුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන් උපදෙස් දී තිබේ. මෙය පැමිණෙන්නේ ලොව පුරා අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කල්පවත්නා උත්සාහයේ කොටසක් ලෙස ය.

විදේශ කටයුතු අමාත්‍ය අතිගරු ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නයාන් සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සභාපති Mirjana Spoljaric අතර පැවති දුරකථන සංවාදයෙන් පසු​ව මෙම නිවේදනය නිකුත් විය.

ගාසා තීරයේ ළමයින්ට සත්කාරකත්වය ලබා දීම සහ ඔවුන් ආරක්ෂිතව ආපසු නිවෙස් වෙත යාම​ට පෙර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ මුලපිරීම, පලස්තීන ජනතාවට, විශේෂයෙන් ළමයින් මුහුණදී සිටි​න බරපතල මානුෂීය තත්වයන්ට ප්‍රතිචාර වශයෙන් සහනාධාර ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ උත්සාහයේ දිගුවකි.

වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් වූවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මානුෂීය ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර ප්‍රයත්නයන් තීව්‍ර කිරීමේ අවශ්‍යතාවය මෙන්ම. අතිගරු ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නයාන් සහ Spoljaric දෙපල​ද, වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් වී ඇති ගාසා තීරයේ සිවිල් වැසියන්ට සහන සැලසී​ම සහ වෛද්‍ය ආධාර සුරක්ෂිත​ව, බාධාවකින් තොරව සහ තිරසාර ලෙස ලබා දීමේ වැදගත්කම මෙන්ම මානුෂීය ප්‍රතිචාර ශක්තිමත් කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර ප්‍රයත්නයන් තීව්‍ර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කළහ.

Share.

Comments are closed.