එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ, විශේෂයෙන්ම ඩුබායි, බොහෝ අයගේ මංගල උත්සව සඳහා සැමවිටම සිහින ගමනාන්තයක් වී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වන මුස්ලිම් නොවන විවාහ සංඛ්‍යාව සෑම වසරකම වැඩි වෙමින් පවතිනවා. දැන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලුතින් විවාහ වීමට බලාපොරොත්තු වන්නන්​ සඳහා මෙම ක්‍රියාවලිය වඩාත් පහසු කො​ට ඇති බැවින් මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය.

GITEX 2023 තාක්ෂණ ප්‍රදර්ශනයේදී නව යෙදුමක් එළිදක්වන ලද අතර එය ඉක්මනින් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන් සඳහා වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංග හරහා නිල මංගල ලේඛන අත්සන් කිරීමට ඉඩ සලසයි. මෙම නව මුලපිරීම ඔබ වෙත ගෙන එන්නේ අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව (ADJD) විසිනි.

ඔන්ලයින් විවාහ වී​මේ ක්‍රියාවලියට ඉතා පහසු පියවර 4ක් ඇතුලත් වෙනවා.

පියවර 1: මාර්ගගතව අයදුම් කරන්න

ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඔබේ විවාහ ගිවිසුම සඳහා ඉලෙක්ට්‍රොනිකව අයදුම් කිරීමෙනි – කාර්යාල කිහිපයකට පැමිණීමේ අවශ්‍යතාව​ය ඉවත් කොට ති​බේ.

පියවර 2: අනුමත කිරීම් සහ ගෙවීම්

ඔබගේ අයදුම් පත්‍රය මගින් ලියාපදිංචි වූ පසු, ඔබට අනුමැතිය ලැබෙනු ඇති අතර ඔබගේම නිවසේ සිටම අවශ්‍ය සියලුම ගෙවීම් ක්‍රියා පටිපාටි මාර්ගගතව හැසිරවීමේ පහසුව ඔබට ලැබෙනු ඇත.

පියවර 3: දුරස්ථ ගිවිසුම් අත්සන් කිරීම

වීඩියෝ සම්මන්ත්‍රණ හරහා දුරස්ථව විවාහ ගිවිසු​ම අත්සන් කිරීමට ඔබ​ට කාලවේලාවක් වෙන්කරවා ගනු ඇත-කාර්‍යාලයක භෞතිකව සිටීම අවශ්‍ය නොවේ.

පියවර 4: ඩිජිටල් විවාහ ගිවිසුම

විවාහය සඳහා අවශ්‍ය සියළු පියව​ර​ අවසන් වූ පසු, ඔබට අවසන් විවාහ ගිවිසුම් ලේඛනය දෙපාර්ශවයේම ඩිජිටල් අත්සන් සහිතව ඉලෙක්ට්‍රොනිකව ලැබෙනු ඇත.

Share.

Comments are closed.