වර්ෂා සහිත කාලගුණය තුළ අල් රුවයි ප්‍ර​දේශයෙහි අනතුරුදායක ලෙස වික්‍රමාන්වි​ත ක්‍රියාවල නිරත වෙමින් මාර්ගයේ අවුල් සහගත තත්ත්වයන් ඇති ක​ල රියදුරන්ට අයත් මෝටර් රථ 19 ක් සහ යතුරුපැදි 5 ක් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කො​ට ඇත.

පසුගියදා බලධාරීන් විසින් සමාජමාධ්‍ය වල බෙදාගත් වීඩියෝවක, නවීකරණය කරන ලද වාහන වර්ෂාව ඇද හැලෙන මොහොතේ, මාර්ගය පුරා යමින්, කැරකෙමින් සහ පෙළපාලි යමින් මාර්ගයේ අවුල්සහගත තත්වයක් ගොඩනගමින් කටයුතු කරන අයුරු දැකගත හැකි විය.

එම වාහන වල ගමන්ගත් සමහර මගීන් පිකප් ට්‍රක් රථ මත අනතුරුදායක ලෙස සිටගෙන හෝ වේගයෙන් යන මෝටර් රථවල ජනේලවලින් ශරීරයෙන් අඩක් එළියට එන ලෙස සිටිමින් ධාවනය කරනු දක්නට ලැබුණි.

විශේෂයෙන් අස්ථායී කාලගුණය තුළ මාර්ග නීති පිළිපැදීම පිළිබඳව නැවත නැවතත් පොලිස් අනතුරු ඇඟවීම් නොතකා, “අවුල් සහගත හා නොසැලකිලිමත් ලෙස හැසිරීම් වල යෙදෙන රථවාහන රියදුරන් අතර යම් තරමක නොදැනුවත්කමක් පවතී”, ඩුබායි පොලිසියේ සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මස්රූයි පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙවැනි නොසැලකිලිමත් ක්‍රියා සිදු කිරීම බරපතල මාර්ග නීති කඩ කිරීමකි. මෙම අවස්ථාවෙහි, අනතුරුදායක හැසිරීම් හේතුවෙන් ඩුබායි පොලිසිය මෝටර් රථ රාජසන්තක කල අතර රියදුරන්ට ඩිරාම් 50,000 දඩයක් නියම කොට ති​බේ.

දඩයට අමතරව ජීවිත අනතුරේ හෙළන ආකාරයෙන් රිය පැදවීම​ට එරෙහිව ඩිරාම් 2,000 දඩයක්, කළු ලකුණු 23ක් සහ දින 60කට වාහනය රාජසන්තක කිරීමකට යටත් වේ.

මේජර් ජෙනරාල් අල් මස්රුයි පවසන පරිදි, රියදුරන්ට එරෙහිව දඩ 35 ක් නිකුත් කොට ති​බේ. වාර්තාගත උල්ලංඝනයන් අතර වික්‍රමාන්වි​ත ක්‍රියාවල යෙදීම​ද, නොසැලකිලිමත් රිය පැදවීම, අධික ශබ්දය ඇති කිරීම සහ චලනය වන මෝටර් රථයෙන් පිටත​ට හිස යොමුකිරීමද ඇතුලත්​ය.

Share.

Comments are closed.