Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරක වීසා අයදුම් කිරීමේදී ළමුන් සඳහා වීසා බලපත්‍රය නොමිලේ
Visa

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරක වීසා අයදුම් කිරීමේදී ළමුන් සඳහා වීසා බලපත්‍රය නොමිලේ

Stanly KularathnaBy Stanly KularathnaNovember 5, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරයක් සඳහා වීසා ඉල්ලුම් කිරීමේදී සංචාරකයින්ට, පවුල් කණ්ඩායම් වීසා බලපත්‍රයක් (Family Group Visit Visa) සඳහා ඉල්ලුම් කළ හැකි අතර, එහිදී දරුවන්ට නොමිලේ වීසා බලපත්‍රයක් හිමි​වේ.

පවුල් කණ්ඩායම් සංචාර වීසා බලපත්‍රය වයස අවුරුදු 18 ට අඩු ළමයින්​ට නොමිලේ වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන අතර දෙමාපියන්ට පමණක් ඔවුන්​ගේ ගාස්තුව ගෙවීමට සිදුවේ.

“මෙම වීසා බලපත්‍රය සඳහා වන අයදුම්පත පියාගේ හෝ මවගේ අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය” රීගල් ටුවර්ස් වර්ල්ඩ්වයිඩ් හි මෙහෙයුම් සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුබෙයාර් තේකපුරත්වලප්පල් මහතා පැවසීය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පැවසුවේ පවුල් කණ්ඩායම් සංචාර​ක වීසා බලපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර බොහෝ සංචාරකයන් මෙම ප්‍රවේශ බලපත්‍රය තෝරා ගන්නා බවයි.

“වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා වීසා ගාස්තුවක් නොමැති බැවින් පවුල් කණ්ඩායම් සංචාර වීසා බලපත්‍රයක් පවුල් සඳහා වඩාත් පහසු සහ ලාභදායී වේ” යනුවෙන් සුබෙයර් පැවසුවේ එය ළමුන් ගණනකට සීමා නොවන බැවිණි. “මෙහිදී එක් මාපියෙකු සඳහා පමණක් වීසා අයදුම් කළ හැකි අතර ඔවුන් දෙදෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීම අවශ්‍ය නොවේ” සුබෙයාර් එකතු කළේය.

​මේ උත්සව සමය බැවින්, ඉන්දියානුවන්ට ඩුබායි හි දීපවාලි උත්සවය සැමරීමට අවශ්‍ය බැවින්, අපි සෑම දිනකම බොහෝ පවුල් කණ්ඩායම් සංචාර වීසා නිකුත් කරමින් සිටින බව Tahira Tours and Travels හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆිරෝස් මලියක්කල් මහතා පැවසීය.

දින 30ක් හෝ දින 60ක් සඳහා සංචාරක නියෝජිතායතන හරහා පවුල් කණ්ඩායම් වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි අතර එය රට තුළදී දීර්ඝ කළ හැකිය.

විශේෂඥයින් පවසන්නේ මෙම වීසා බලපත්‍රය මීට වසර දෙකකට පෙර හඳුන්වා දුන් අතර ඒ පිළිබඳව දන්නා ලොව පුරා සිටින පුද්ගලයින් මෙම සේවාවට වැඩි කැමැත්තක් දක්වන බවයි.

ඉල්ලුම් කළ යුතු ආකාරය

මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදී සංචාරකයින්, සාමූහිකව විදේශ ගමන් බලපත්‍ර පිටපත සහ ඡායාරූප නියෝජිතායතනයට ඉදිරිපත් කළ යුතුය.

“අපි ඇතුල්වීමේ බලපත්‍රය පවුලේ වීසා බලපත්‍රයක් ලෙස සකස් කරන්නෙමු, එහිදී දරුවන්ට වීසා ගාස්තු නොමැතිව ගමන් කළ හැකිය. කෙසේ වෙතත් ළමුන් සඳහා සංචාරක නියෝජිත සේවා ගාස්තු සහ රක්ෂණ ගාස්තු ගෙවිය යුතුය. ෆිරෝස් පැවසීය. “මෙම වීසා බලපත්‍රය දිනකින් හෝ දෙකකින් නිකුත් කෙරේ” ෆිරෝස් වැඩිදුරටත් පැවසීය.

පිරිවැය

කණ්ඩායම් අයදුම්පත්‍රය තුළ දෙමාපියන් සඳහා වීසා ගාස්තුව, ළමුන් සඳහා වන සේවා ගාස්තුව සමඟ සංචාරක ඒජන්සිය මත පිරිවැ​ය වෙනස් විය හැක.

කෙසේ වෙතත්, දෙමාපියෙකු සඳහා දින 30ක වීසා බලපත්‍රයක් සඳහා වන පිරිවැය සාමාන්‍යයෙන් ඩිරාම් 350 සිට ඩිරාම් 500 දක්වා පරාසයක පවතින අතර දරුවෙකු සඳහා සේවා ගාස්තු සහ රක්ෂණ ගාස්තු​ව ඩිරාම් 80 සහ ඩිරාම් 120 අතර වේ.

“තනි පුද්ගලයෙක් සඳහා දින 60ක වීසා බලපත්‍රයක් සඳහා, ගාස්තු සාමාන්‍යයෙන් ඩිරාම් 500 සිට ඩිරාම් 650 දක්වා වන අතර රක්ෂණය ඇතුළු සේවා ගාස්තුව ඩිරාම් 130 සිට ඩිරාම් 170 දක්වා වෙනස් විය හැක” ෆිරෝස් පැවසීය.

අවශ්‍ය ලේඛන

විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූපයක්

දිගු කිරීම

ප්‍රවීණයන් පැවසුවේ රටින් පිටවීමකින් තොරව රටතුලදී පවුලේ වීසා බලපත්‍රය දීර්ඝ කළ හැකි බවයි. “කෙසේ වෙතත්, බලපත්‍රය දීර්ඝ කිරීමේදී දරුවන් සඳහා සම්පූර්ණ වීසා ගාස්තුවක් ගෙවිය යුතුය. රට තුළ වීසා දීර්ඝ කිරීම දරුවන්ට නොමිලේ නොවේ.” සුබයිර් පැවසීය. “රටෙන් පිටවීමකින් තොරව සංචාරකයන්ට පවුලේ වීසා බලපත්‍රය දින 120 දක්වා දීර්ඝ කළ හැක” සුබයිර් වැඩිදුරටත් පැවසීය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅලුත් අවුරුදු උදාවේ WhatsApp සුභපැතුම් Burj Khalifa ම​ත ප්‍රදර්ශනය කෙ​රේ
Next Article ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.