ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් නව අතුරු කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රිඩා පනත අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.  සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද, සෙසු සාමාජිකයින් ලෙස, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු S.I. ඉමාම්,  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ , විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා, උපාලි ධර්මදාස,  නීතීඥ රඛිත රාජපක්ෂ  හා හිෂාම් ජමල්ඩීන්  යන මහත්ම, මහත්මීන් ඇතුලත් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දිනවල දිගින් දිගටම ලැබූ අන්ත පරාජය හේතුවෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් ලෝලීන්ගෙන්  දැඩි විරෝධතාවක් එල්ල වූවා.  ඒ අනුව විරෝධතාකරුවන් කියා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.  ඒ අනුව ෂම්මි සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලන කටයුතු අත්හිටුවා ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Share.

Comments are closed.