Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු වතාවට ඇන්ජලෝ මැතිව්ස් ‘Timed Out’
Sports

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු වතාවට ඇන්ජලෝ මැතිව්ස් ‘Timed Out’

Stanly KularathnaBy Stanly KularathnaNovember 7, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2023, ICC ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ආන්දෝලනාත්මක ආකාරයෙන් දැවී ගියේය.

2023 ලෝක කුසලාන ක්‍රීඩා කොන්දේසි වලට අනුව නව පිතිකරුවෙකු පැමිණ මිනිත්තු දෙකක් ඇතුළත ඔවුන්ගේ පළමු පන්දුවට මුහුණ දීමට සූදානම් විය යුතුය. නියමිත කාලය තුළ ඔහු පන්දුවකට මුහුණ නොදුන් අතර බංග්ලාදේශය ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඉල්ලා සිටියේය. ඇන්ජලෝ මැතිව්ස්වි නිසුරුවන්ට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.

නීතියට අනුව නවක පිතිකරුවෙකු මිනිත්තු තුනක් ඇතුළත පන්දුවට මුහුණ දීමට සූදානම් විය යුතුය. මැතිව්ස් පිටියේ සිටියත් ඔහුගේ හිස්වැස්මේ යම් ගැටලුවක් තිබීම හේතුවෙන් මෙම පමාව සිදුවී තිබුණා.

මැතිව්ස්ට එරෙහිව ඉල්ලීමක් කිරීමට බංග්ලාදේශය තීරණය කළ අතර විනිසුරුවරයාට ඔහුව ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. මෙවැනි අවස්ථාවකදී, පිතිකරුවෙකුට දැවී යා හැක්කේ පිටියේ විනිසුරුවන්ගෙන් විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉල්ලීමක් කළහොත් පමණි. බංග්ලාදේශය ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළේ නම් මැතිව්ස් පිටිය මැද රැඳී සිටීමට ඉඩ තිබුණි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ‘Timed Out’ ලැබූ පළමු ශ්‍රී ලිංකික ක්‍රීඩකයා ඔහුයි.

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේදී ඕනෑම ආකෘතියක මීට පෙර එය සිදුවී ඇත්තේ හය වතාවක් පමණි.

මැතිව්ස් පන්දුවකට මුහුණ නොදී ආපසු මණ්ඩපය වෙත පියමැන්නේය. ඔහුගේ කඩුල්ල නිසා ශ්‍රී ලංකාව 135/5ක් ලෙස වාර්තා වි​ය. ඉන්පසුව චරිත් අසලංක සමඟින් ධනංජය ද සිල්වා පිටියට එක්විය.

බංග්ලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩාය​ම ලකුණු 4ක් ලබා සිටි කුසල් පෙරේරා වේලාසනින් දැවී ගියා. මුල් කඩුල්ල බිඳ වැටීමෙන් පසු එහි වගකීම පැතුම් නිශ්ශංක විසින් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් (19) සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 61ක් එක් කළේය.

සධීර සමරවික්‍රම ද දැවී යාමට පෙර ලකුණු 41ක තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ දැවී යාමෙන් පසුවයි මැතිව්ස් අසලංක සමග එක්වීමට පිටිය​ට පැමිණි​යේ. නමුත් ඔහු කිසිදු පන්ඳුවක​ට මුහුණ නොදී දැවී ගියේය.

ශ්‍රී ලංකාව තරග 7 කදී ජයග්‍රහණ 2 ක් පමණක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ පසුවේ. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදියි. බංග්ලාදේශය තරග 7 කදී එක් ජයග්‍රහණයක් පමණක් ලබා 9 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් තරගාවලියෙන් ඉවතට විසිවී ඇත.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2023 දී මගීන් මිලියන 85ක් අපේක්ෂා කරයි
Next Article ඩුබායිහි භාණ්ඩ බෙදාහැරීමේ සේව​කයන් සඳහා නව විවේක ස්ථාන 40 ක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.