සංහිඳ ඉවෙන්ට්ස් සාදරයෙන් ඉදිරිපත් කරන “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” සංගීත සැණකෙළිය නොවැම්බර් 11 වෙනි සෙනසුරාදා ඩුබායි Etisalat Academy Sports & Leisure Club හිදී සවස 4:00 ට ආරම්භවෙනවා. මෙම සංගීත සැණකෙළිය අළුත්ම සංකල්පයකට අනුව STREET FOOD සමගින් සංවිධානය කොට ඇති අතර සංගීතය රසවිඳින අතරතුර දේශීය මෙන්ම ඩුබායිහි සුප්‍රසිද්ධ මෙන්ම ප්‍රණීත STREET FOOD වර්ග රාශියක රස විඳීමේ අවස්ථාව සැණකෙළියට එක් වන හැමෝටම උදාකරදීම අරමුණ වෙනවා.
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ උන්මාදනීය සංගීත කණ්ඩායමක් වන සරිත් සුරිත් සමග නිව්ස් මෙම සංගීත රාත්‍රිය සංගීතයෙන් වර්ණවත් කරන අතර බොහෝ කලකට පසු ඩුබායිහි ප්‍රසංග වේදිකාවට ජවයක් එක්කරමින් ඉරාජ්ද එක්වීමට නියමිතයි. ඒ සමගම අෂාන්යා, පේෂල, හනා, කොරීන් අල්මේදා, ජයශ්‍රී, සමග සරිත් සුරිත් සහ නිව්ස් සමග ප්‍රථම වතාවට ඩුබායිහි ප්‍රසංග වේදිකාවට සුරේන්ද්‍රද එක්වීමට නියමිතයි.
ප්‍රසංගය මෙහෙයවීම සුරංග බණ්ඩාර, සුසර යසස් සහ සමීර සිල්වා විසින් සිදුකරනු ලබන අතර සජීවී නර්ථනයන් ඇලෙක්ස් විත් ඩෑෂ් විසින් සිදුකරනු ලබනවා.
විනෝද කාමී සැමට සංගීතයෙන්, නර්ථනයෙන් හා ප්‍රණීත ආහාරයෙන් වැඩි කාලයක් විනෝදාස්වාදය එක්කරගැනීමට ඉඩ සැලසීම සඳහා එදින සවස 4:00 සිට පසුදා උදෑසන 1:00 දක්වා පුරා පැය නමයක් නොකඩවා “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” පැවැත්වෙනවා.
සැණකෙලි භූමියට පැමිණීමට පහසුම ක්‍රමවේදය වන්නේ ඩුබායි මෙටෝ Red Line හි Centrepoint Metro Station වෙත පැමිණ එතැන් සිට නොමිලේ පිරිනමන F5 බස් මාර්ගය ඔස්සේ Etisalat Academy Sports & Leisure Club වෙත පැමිණීමයි.
ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවක සිටිය යුතුම, හොඳම ගායන වාදන සහ විනෝදකාමී සුසංයෝගයක් සමගින් එන මෙම “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” සැණකෙළියට ඔබත් ඔබ පවුලේ සැමත්, ආදරණීයන්, යහළු යෙහෙලියන් සමගින් එක්ව අමතක නොවන අත්දැකීමක් තම ජීවිතයට එක් කරගැනීමට අත්නොහල යුතුම අවස්ථාවක් වෙනවා.
සංගීත සැණකෙළිය පිළිබඳ වැඩි විස්තර සඳහා සම්පත්- 055 723 9440, අමිල 052 935 0155, ශානක-053 266 1229 අමතන්න.