Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි
Sports

ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති  ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී  අද (9)  පස්වරුවේ ඒකමතිකව  සම්මත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ. යෝජනාව ඊයේ  සවස සලකා  බැලූ අවස්ථාවේ  ජාතික ජන බලවේගයේ  මන්ත්‍රීවරු සභා  ගැබේ නොසිටීම විශේෂත්වයක් විය.

යෝජනාව සළකා බැලූණු  අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින්  දිගින් දිගටම  හඬ නැගුහ. මෙහිදී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.

යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින්  ඡන්ද විමසීමක්  අවශ්‍ය නොවන බවද  ඔහු  ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා  දිගින් දිගටම ඝෝෂා කරනු දැකගත හැකිවිය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විවාදයේ පිළිතුරු කතාව කළේය.

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම එක හා සමානව අත්වැල් බැඳ ගෙන  සැමගේම එකඟතාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන හොර තක්කඩි අල්ලස් දූෂිතයන් ගෙදර යැවිය යුතු බව යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ප්‍රකාශ කළේය.

අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති නමුත් පෙරේදා  දිනයේ මහ  ඛේදවාචයක් සිදුවූ බවද  ඔහු සඳහන් කළේය. මෙම යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලයට යොමු කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී  ඊයේ  සඳහන් කෙරිණ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසරිත් සුරිත් ඇන්ඩ් නිව්ස් සමගින් “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” එළඹෙන සෙනසුරාදා
Next Article RTA තිරසාරත්වය, ව්‍යාපාර සහ ඩිජිටල් නවෝත්පාදන සඳහා ආසියානු නායකත්ව සම්මාන තුනක් දිනා ගනී
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.