සංහිඳ ඉවෙන්ට්ස් සාදරයෙන් ඉදිරිපත් කරන “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” සංගීත සැණකෙළිය නොවැම්බර් 11 වෙනි සෙනසුරාදා ඩුබායි Etisalat Academy Sports & Leisure Club හිදී සවස 4:00 ට ආරම්භවෙනවා. මෙ​ම සංගීත සැණකෙළිය අළුත්ම සංකල්පයකට අනු​ව STREET FOOD සමගින් සංවිධාන​ය කොට ඇති අතර සංගීතය රසවිඳින අතරතු​ර දේශීය මෙන්ම ඩුබායිහි සුප්‍රසිද්ධ මෙන්ම ප්‍රණී​ත STREET FOOD වර්ග රාශියක රස විඳීමේ අවස්ථාව සැණකෙළියට එක් වන හැමෝටම උදාකරදීම අරමුණ වෙනවා.

ශ්‍රී ලාංකේ​ය තාරුණ්‍යයේ උන්මාදනීය සංගීත කණ්ඩායමක් වන සරිත් සුරිත් සමග නිව්ස් මෙම සංගීත රාත්‍රි​ය සංගීතයෙන් වර්ණවත් කරන අතර බොහෝ කලකට පසු ඩුබායිහි ප්‍රසංග වේදිකා​ව​ට ජවයක් එක්කරමින් ඉරාජ්ද එක්වීමට නියමිතයි. ඒ සමගම අෂාන්‍යා, පේෂල, හනා, කොරීන් අල්මේදා, ජයශ්‍රී, සමග සරිත් සුරිත් සහ නිව්ස් සමග ප්‍රථම වතාවට ඩුබායිහි ප්‍රසංග වේදිකා​ව​ට සුරේන්ද්‍රද එක්වීමට නියමිතයි.

ප්‍රසංග​ය මෙහෙයවීම සුරංග බණ්ඩාර, සුසර යසස් සහ සමීර සිල්වා විසින් සිදුකරනු ලබන අතර සජීවී නර්ථන​යන් ඇලෙක්ස් විත් ඩෑෂ් විසින් සිදුකරනු ලබනවා.

විනෝද කාමී සැමට සංගීතයෙන්, නර්ථනයෙන් හා ප්‍රණී​ත ආහාරයෙන් වැඩි කාලයක් විනෝදාස්වාදය එක්කරගැනී​ම​ට ඉඩ සැලසීම සඳහා එදින සවස 4:00 සිට පසුදා උදෑසන 1:00 දක්වා පුරා පැය නම​යක් නොකඩවා “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” පැවැත්වෙනවා.

සැණකෙලි භූමියට පැමිණීමට පහසුම ක්‍රමවේදය වන්නේ ඩුබායි මෙටෝ Red Line හි Centrepoint Metro Station වෙත පැමිණ එතැන් සිට නොමිලේ පිරිනම​න F5 බස් මාර්ගය ඔස්සේ Etisalat Academy Sports & Leisure Club වෙත පැමිණීමයි.

ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාව​ක​ සිටිය යුතුම, හොඳ​ම ​ගායන වාදන සහ වි​නෝදකාමී සුසංයෝගයක් සමගින් එන මෙම “සංහිඳ ඩුබායි STREET FOOD FIESTA” සැණකෙළියට ඔබත් ඔබ පවුලේ සැමත්, ආදරණීයන්, යහළු යෙහෙලියන් සමගින් එක්ව අමතක නොවන අත්දැකීමක් තම ජීවිතයට එක් කරගැනීම​ට අත්නොහල යුතු​ම අවස්ථාවක් වෙනවා.

සංගීත සැණකෙළිය පිළිබඳ වැඩි විස්තර සඳහා සම්පත්- 055 723 9440, අමිල 052 935 0155, ශානක-053 266 1229 අමතන්න.

Share.

Comments are closed.