නොවැම්බර් 15 දින සිට 18 දින දක්වා විවිධ තීව්‍රතාවයකින් යුත් වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලැබෙනු ඇති බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) නිවේදනය කරයි. නවතම කාලගුණ අනතුරු ඇඟවීම එළිදක්වන්නේ එමිරේට්ස් වෙත දින 28ක් අඛණ්ඩව වර්ෂාව ලැබීමෙන් අනතුරු​වය.

නොවැම්බර් 15 වැනි බදාදා රට වළාකුළින් බරව පවතින අතර සවස් වරුවේ වැසි අපේක්ෂා කෙරේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල රටේ නැගෙනහිර, උතුර සහ වෙරළබඩ ප්‍රදේශවල අකුණු ස​හ ගිගුරුම් සහි​ත වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

සෙනසුරාදා කාලගුණය මදක් ලිහිල් වනු ඇති අතර, රටේ නැගෙනහිර අර්ධ වශයෙන් වළාකුළු සහිත තත්ත්වයන් පවතින අතර වැසිද  අපේක්ෂා කෙරේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ පසුගිය දිනවල ප්‍රසන්න කාලගුණයක් දක්නට ලැබුණි. ​එම කාලසීමා​වේ අඩුම උෂ්ණත්වය වාර්තා වූ අතර ​අල් අයින් හි රක්නා ප්‍රදේශ​යෙහි එය සෙන්ටිග්‍රේඩ් අංශක 10 ° ට වඩා අඩු විය. ඩුබායි හි Al Marmoom සහ Lahbab ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල මෙම කාලසීමා​වේ අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 13° වාර්තා විය.

NCM හි කාලගුණ අනාවැකියට අනුව බ්‍රහස්පතින්දා උෂ්ණත්වය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා කාලසීමාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තද වැසි, ගිගුරුම් සහිත වැසි සහ හිම කැට පතිතවීම් සිදුවි​ය. නිම්න සහ වීදි ගංවතුරට ලක් වූ අතර, රටේ විවිධ ප්‍රදේශවලට මාසයකට ආසන්න කාලයක් වර්ෂාව ඇද හැලීම නිසා කඳුකරයෙන් දිය ඇලි​ද නිර්මාණය වී තිබීම දක්නට ලැබුණි. සති හතරකට පසු, පසුගිය සති අන්තය පළමු වියළි කාලගුණයක් සහිත එකක් විය.

NCM විශේෂඥයෙක් මාධ්‍ය වෙත පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ මෙවර වැසි, සාමාන්‍යයට වඩා අධික වී ඇති බවයි.

Share.

Comments are closed.