මානව සම්පත් සහ එමරාතීකර​​ණ අමාත්‍යාංශය (MoHRE) ශ්‍රමිකයන් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවන පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලා සිටින්නේ, 2023 සඳහා එමරාතීකර​​ණ ඉලක්ක සපුරාලීමට සහ දෙසැම්බර් 31ට පෙර පුහුණු රැකියා සඳහා එමරාතීකර​​ණයේ 2%ක වාර්ෂික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට දරන උත්සාහය කඩිනම් කරන ලෙසයි.

අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කළේ, අවශ්‍යතා සපුරාලීමට තවමත් නොහැකි වූ ආයතනවලට එමරාති රැකියා සොයන්නන් ලබාගැනීමට Nafis වේදිකාවෙන් ප්‍රතිලාභ ලබාග​ත හැකි බවයි.

එමරාතීකර​​ණ අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ එමරාතීකර​​ණ ඉලක්ක සපුරාගත් පුද්ගලික අංශයේ ආයතන පැසසුමට ලක් කරනු ලැබුවා. මේ වන විට ආයතන 18,000 කට අධික සංඛ්‍යාවක් එසේ කිරීමට සමත් වී ඇති අත​ර, එමඟින් පුද්ගලික අංශයේ රැකියාවලට සම්බන්ධ වන පුරවැසියන් සංඛ්‍යාවේ ඓතිහාසික හා පෙර නොවූ විරූ වර්ධනයකට දායක වී ඇති අතර, ඉන් ඔවුන්ගේ තනතුරු හා ස්ථාවරත්වය සහතික කෙරේ. පසුගිය වසර දෙක තුළ එමරාතිවරුන් 54,000 කට වැඩි පිරිසක් පුද්ගලික අංශයට පිවිසි බැවින් දැනට එමරාතිවරුන් 84,000 කට අධික පිරිසක් පෞද්ගලික අංශයේ සේවය කරති.

අමාත්‍යාංශය පැවසුවේ එහි “පරීක්ෂණ කණ්ඩායම් විසින් එමරාතීකර​ණ ප්‍රතිපත්ති සහ තීරණවලට අනුකූල වීම පරීක්‍ෂා කිරීම හරහා, ව්‍යාජ එමරාතීකර​​ණ​ය සහ එමරාතීකර​​ණ තීරණ මග හැරීමට උත්සාහ කිරීම වැනි සෘණාත්මක භාවිතයන් හඳුනා ගැනීමත් සහ අදාළ රෙගුලාසි සහ තීරණ උල්ලංඝනය කරන බවට අනාවරණය වූ ඕනෑම ආයතනයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා” බවයි.

“එමරාතීකර​ණ සැලසුම් ඉදිරියට ගෙන යාමේ හවුල්කරුවෙකු ලෙස පුද්ගලික අංශයේ භූමිකාව වැඩිදියුණු කිරීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සංවර්ධනය සඳහා එමරාති දක්ෂයින්ගේ දායකත්වය වැඩි කිරීමට අවශ්‍ය සියලු සම්පත් සැපයීමට අපි කැපවී සිටිමු” යනුවෙන් එය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.