ඩුබායි පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඩුබායි නගරයේ ප්‍රධාන මාර්ගයක වේග සීමාව අඩුකො​ට ඇත.

ඒ අනුව Al Ittihad පාරේ Al Garhoud පාලම සහ සාජා අතර වේග සීමාව පැයට කිලෝමීටර 100 සිට 80 දක්වා අඩු කරන බව RTA සමාජ මාධ්‍යවල නිවේදනය කළේය. නිවේදනයට අනුව නව වේග සීමාව නොවැම්බර් 20 වෙනි සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

රථවාහන අනතුරු, මාර්ග සැලසුම් කිරීම් සහ ප්‍රදේශයේ සංවර්ධනය කටයුතු පිළිබඳව පොලිසිය සහ RTA අතර ඒකාබද්ධ අධ්‍යයනයකින් පසුව මෙම පියවර ගෙන ඇත.

ඩුබායි පොලිස් ජෙනරාල් මූලස්ථානය සමඟ සම්බන්ධීකරණය කර ඇති මෙම තීරණය පදනම් වී ඇත්තේ මාර්ගයට ඇතුල්වීම් සහ පිටවීම් ගණන, මංසන්ධිවල​ට සමීපත්වය, රථවාහන අනතුරු සංඛ්‍යාව​ල වර්ධනය සහ ප්‍රදේශයේ මෑත කාලීන වැඩිදියුණු කිරීම් සහ වර්ධනයන් සමාලෝචනය කරන ලද මෑත කාලී​න අධ්‍යයනයක් මතය.

නව වේග සීමා පිළිබ​ඳ දැනුවත් කිරීම​ට නව සංඥා පුවරු සවි කර ඇති අතර නව වේග කලාප පිළිබඳව රියදුරන්ට දැනුම් දීම සඳහා මාර්ග සලකුණු යාවත්කාලීන කෙරේ.

Al Ittihad පාර එමීර් ප්‍රදේ​ශ දෙක අතර විශාල වාහන සංඛ්‍යාවක් දක්නට ලැබෙන කාර්යබහුලම මාර්ගයක් වේ.

Share.

Comments are closed.