අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට නව ජාත්‍යන්තර තනතුරක් පිරිනමා තිබේ. ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී එහි අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත.

ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විණි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට ඉහත 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.

Share.

Comments are closed.