ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණ තරු යුගලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරාගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරෙන “රූ සඳ රෑ ” සජීවි ගීත ප්‍රසංගය අබුඩාබි හි දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
ට්‍රයිබල් ඉවෙන්ට්ස් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය නොවැම්බර් 18 වන සෙනසුරාදා අබුඩාබි ජාතික රගහලේදී සවස 6.30 සිට ප්‍රේක්ෂකයන්ට විවෘත වේ. රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා ගේ ප්‍රමුඛත්වයෙන් යුතුව රයිනි, වින්ඩි හා සනුක වික්‍රමසිංහද එදින රාත්‍රිය ගීතයෙන් වර්ණවත් කිරීමට නියමිතය. ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන “රූ සඳ රෑ” ප්‍රසංගයට ආරාධිත රංගනයෙන් එක් වන්නේ කලා ශිල්පී දර්ශන තවරාජායි.

ප්‍රසංගය නිවේදනයෙන් රස ගන්වන්නේ සචිත්‍ර පෙරේරා විසිනි. Virgin mega store වෙතින් ප්‍රවේශපත් ලබා ගැනීමට සංගීත ලෝලීන්ට අවස්ථාව සලසා දී තිබේ. ප්‍රසංගයට ඩිජිටල් මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Big foot DXB ආයතනය මගිනි. සත්කාරක සහකරු ලෙස රාමදා ආයතනයත්, සංචාරක සහකරු ලෙස නයිසි ට්‍රැවල් ආයතනයත් එක් වේ. Sound city ශබ්ද පරිපාලනයෙන්ද, සම මාධ්‍ය අනුග්‍රාහකත්වය ලක් නද රේඩියෝ, ඩුබායි ලංකා නිව්ස් ,හා අබුඩාබි අහස යට නාලිකා විසින් ලබා දීමට නියමිතයි.

වැඩි විස්තර පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

Supun (අබුඩාබි) – 0561009675
Upul (ඩුබායි, සාජා, අජ්මාන්) – 0555707846

Share.

Comments are closed.