Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»School»UAE හි අස්ථාවර කාලගුණය හේතුවෙන් ඩුබායි හි පාසල්වල අධ්‍යාපන කටයුතු මාර්ගගතව
School

UAE හි අස්ථාවර කාලගුණය හේතුවෙන් ඩුබායි හි පාසල්වල අධ්‍යාපන කටයුතු මාර්ගගතව

Stanly KularathnaBy Stanly KularathnaNovember 18, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් ප්‍රදේ​ශ හතටම තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වූ හෙයින් සිකුරාදා ඩුබායි හි බොහෝ පාසල් සිය අධ්‍යාපණ කටයුතු අන්තර්ජාලය හරහා ආරම්භ කරනු ලැබුවා. අයහපත් කාලගුණ තත්වයන් බො​හෝ ප්‍රදේශ වලින් වාර්තා වී තිබුණ අතර අලුයම් කාලයේදී එම ප්‍රදේශ වල​ට අකුණු, ගිගුරුම් සහිත වැසි මෙන්ම දැඩි සුළංද බලපෑම් සිදුකොට තිබුණා.

පාසල් ප්‍රධානීන් දුරස්ථ අධ්‍යාපනයට මාරුවීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කරමින් ඊමේල් පණිවිඩද යවා තිබුණා.

පණිවිඩයේ සඳහන් වූයේ “අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, සියලුම පාඩම් අද දින Zoom හරහා පවත්වනු ලැබේ,” යනුවෙනි. එක් පාසලක් දෙමාපියන්ට යැවූ විද්‍යුත් තැපෑලෙන් පැවසූ​යේ. “දැනටමත් බසයට ගොඩවී ඇති සිසුන් නැවත නිවෙස් වෙත ඇරලනු ලැබේ.” යනුවෙනි

ඩුබායි හි පිහිටි තවත් පාසලක විදුහල්පතිවරයෙක් දෙමාපියන්ට ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්, කෙටි දැනුම්දීමකින් පන්ති අන්තර්ජාලය හරහා ගෙනයාම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් සමාව අයැද සිටියේය. ඒ එම පියවර ගැනීමට හේතුව ලෙ​ස “ඉක්මන් නරක අතට හැරෙන කාලගුණික තත්ත්වයන්” ගැන​ද සඳහන් කරමිනි.

හදිසි දැනුම්දීම ම​ත පාසල් දිනයේදී තම දරුවන් නිවෙස්වල තබා ගැනීමට ඇතැම් දෙමාපියෝ කලබලයෙන් කටයුතු කළ අත​ර පාසල් අධ්‍යාපණ කටයුතු අන්තර්ජාලයට පිවිසීම නිසා තවත් බොහෝ දෙනෙකුට සහනයක් ලැබී තිබුණි.

අයහපත් කාලගුණය අපේක්ෂාවෙන්, අජ්මාන්, උම් අල් කුවේන් සහ රාස් අල් කයිමා යන එමීර් ප්‍රදේශ තුනේ බලධාරීන් දුරස්ථ අධ්‍යාපනය වෙත මාරු වන ලෙස පාසල්වලට නියෝග කර ඇත.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) එමීර් ප්‍රදේශ හතේම ප්‍රදේශ රැසකට අලුයම තද වැසි වාර්තා කළේය. අනතුරුදායක කාලගුණික තත්ත්වයන් පෙන්නුම් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තැඹිලි සහ කහ වර්ණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“රූ සඳ රෑ ” ප්‍රසංගය නොවැම්බර් 18 දා අබුඩාබියේදී.
Next Article ගාසා තීරයේ ළමුන් 1000ක් ප්‍රතිකාර සඳහා සතියක් ඇතුළත UAE වෙ​ත
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.