සාමාන්‍ය විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරිය (GPSSA) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් සඳහා විශ්‍රාම වැටුප් පිළිබඳ නව ෆෙඩරල් නියෝග-නීතියක් ප්‍රකාශයට පත් කර ඇත. පළමු වරට එමිරේට්ස් ශ්‍රම වෙළඳපොළට සම්බන්ධ වන නව සහභාගිවන්නන්ට මෙම නව නීතිය අදාළ වේ. දැනට පවතින විශ්‍රාම වැටුප් නීතිය වත්මන් සේවකයින්ට ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධිකාරිය X හි නිවේදනයකින් ප්‍රකාශ කළේය.

නව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශ්‍රාම වැටුප් නීතිය

  • නව විශ්‍රාම වැටුප් නීතිය යටතේ, ප්‍රධාන විධිවිධානවලට ඇතුළත් වන්නේ:
  • පුද්ගලික අංශයේ සේවය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් සඳහා උපරිම දායක ගිණුමේ වැටුප ඩිරාම් 50,000 සිට ඩිරාම් 70,000 දක්වා ඉහළ නැංවීම.
  • පසුගිය වසර හයක සේවා කාලය අනුව සාමාන්‍ය දායක ගිණුමේ වැටුප මත පදනම්ව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම විශ්‍රාම වැටුප් ගණනය කෙරේ.
  • විශ්‍රාම වැටුපක් සඳහා රක්ෂිතයාට හිමිකම් ඇති අවස්ථා හතක් තිබේ.
  • විවාහක, දික්කසාද වූ හෝ වැන්දඹු රක්‍ෂිත කාන්තාවකට විශ්‍රාම විශ්‍රාම වැටුපක් ඉල්ලා සිටිය හැක. කෙසේ වෙතත්, ඇය දරුවන් පස් දෙනෙකුගේ හෝ ඊට වැඩි සංඛ්‍යාවක​ගේ මවක් නම් අවම වයස සහ දායකත්වය අඩු කළ හැකිය.
  • රක්ෂිතයාගේ අවම වයස අවුරුදු 55 ක් විය යුතු අතර දායකත්ව කාලය අවුරුදු 30 ක් විය යුතුය.
  • දායකත්ව කාලය වසර 30ට ළඟා වී ඇත්නම්, රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයෙකුට විශ්‍රාම වැටුප නව රැකියාවකින් ලැබෙන වැටුප සමඟ ඒකාබද්ධ කිරීමට අයිතියක් ඇත.
  • රක්ෂිතයා සඳහා මාසික දායකත්වය, දායක ගිණුමේ වැටුපෙන් 26% ක් වන අත​ර එයින් රක්‍ෂිතයා 11%ක් ද, සේවා යෝජකයා 15%ක් ද දරයි. ­ඩිරාම් 20,000 ට වඩා අඩු දායකත්වයක් දර​න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩ කරන පුරවැසියන් සඳහා පුද්ගලික අංශයේ සේවා යෝජකයන්ගේ කොටසෙන් 2.5%ක් රජය විසින් දරයි.
Share.

Comments are closed.