ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රය තුල විවිධ ගැටලු ඇති වී තිබෙන කාල සීමාවකදී, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය තුල රැදවීමට ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමත්ව තිබේ. ඒ වර්තමාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ය. චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කිරීමට එරට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත.
‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම විසින් එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සූදානම්.
ඇය, මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක්‍රීඩිකාවක ලෙස ක්‍රීඩා කරයි.