අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කර, නව අමාත්‍යවරයා ලෙස S.B. දිසානායක මහතා පත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව ප්‍රවෘත්ති ආරංචි මාර්ග වල සදහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පසුගිය දිනවල රණසිංහ මහතා ඇති කර ගත් මතභේද හේතුවෙන් මෙම තත්ත්වය මතුවී තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරු පිරිසක්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස රොෂාන් රණසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා විසින්ම තමන්ට ඉල්ලා අස් වන ලෙස ඉල්ලීමක් කලහොත් තමා ඊට සූදානම් බව අමාත්‍යවරයා පවසා තිබේ. රොෂාන් රණසිංහ මහතා මේ වන විට දරණ ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් , ක්‍රීඩා අමාත්‍ය ධූරය ඉවත් කර ඒ වෙනුවට S.B දිසානායක මහතා පත් කිරීමට සැලසුම් කර තිබෙන බව සදහන්. මෙම කැබිනට් වෙනස පිලිබද අවශ්‍ය මූලික සාකච්ඡ් අයවැය සම්මත කිරීමෙන් අනතුරුව සිදු වේ.