Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඕස්ට්‍රේලියානුවෝ 6 වැනි වරටත් ලෝක කුසලානය දිනති
Events

ඕස්ට්‍රේලියානුවෝ 6 වැනි වරටත් ලෝක කුසලානය දිනති

Stanly KularathnaBy Stanly KularathnaNovember 20, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 8 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ ඊ​යේ සමත් වූහ. මෙවර ඔවුන් ලෝක කුසලානට හිමිකම් කීවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක ඉන්දියාවට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කරමිනි.

එක්දින ලෝක කුසලාන තරගාවලියක පූර්ණ සත්කාරත්වය දැරූ රටක් එහි අවසන් මහ තරගයට පැමිණ පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය. මින් පෙර 1979 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජයට පත්වී තිබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ඕවර 43 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් (137) සහ මානස් ලැබුෂේන් (නොදැවී 58) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 192 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ලකුණු 47 කට කඩුලු 3 ක් බිඳවැටී ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු තත්වයකට පත්ව තිබියදී සම්බන්ධතාව ආරම්භ කළ හෙඩ් සහ ලැබුෂේන් එය නිමා කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 2 ක් පසුපසින් සිටියදීය. එය ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනකු එක්ව ගොඩනැගු දෙවැනි ඉහළම සම්බන්ධතාව ලෙසද වාර්තා අතරට එක් විය.

පන්දු 120 කට මුහුණදුන් හෙඩ් හයේ පහර 4 කින් සහ හතරේ පහර 15 කින් සිය 5 වැනි එක්දින ශතකය සැරසූ අතර එම ඉනිමත් සමග එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ශතකයක් ලබාගත් 7 වැනි පිතිකරුවා බවටද ඔහු පත්විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම සඳහා හෙඩ්ට අනගි සහායක් දුන් ලැබුෂේන්, පන්දු 10 කින් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේ හතරේ පහර 4 ක් සමගිනි.

දෙවැනි ඕවරය යැවීම සඳහා කැඳවූ මොහොමඩ් සාමි, තමා යැවූ පළමු පන්දුවේදීම ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් (7) පිටියෙන් ඉවත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පීඩනයට පත් කළේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ජස්ප්‍රීට් බුම්රා, දෙවැනි සහ තෙවැනි කඩුලු ලෙස මිචෙල් මාෂ් (15) සහ ස්ටීවන් ස්මිත් (4) දවාගනිමින් එම පීඩනය තවත් වැඩි කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240 ක් පමණි. බිඳවැටුණු කඩුලු 10 න් 7 කටම හිමිකම් කීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී මිචෙල් ස්ටාක් කඩුලු 3 ක්ද, නායක පැට් කමින්ස් සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 2 බැගින්ද බිඳහෙළූහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දැක්වීමට කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉංග්ලිෂ් සමත් වූයේ තමාවෙත පැමිණි උඩ පන්දු 5 ක්ම සුරැකිව රැකගනිමිනි.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී පැය 2 කට වැඩි කාලයක් එක් අන්තයක් රැකගෙන පිතිහරඹයේ නිරත වූ ලෝකේෂ් රාහුල්, පන්දු 107 කදී හතරේ පහරක් සමග ලකුණු 66 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. 42 වැනි ඕවරයේදී ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ රාහුල් දැවී ගිය අතර එතැන් පටන් ලකුණු 37 ක් ඇතුළත ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු 4 ද බිඳවැටිණ.

ඉන්දීය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක් ලබාගත්තේය. අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී ග්ලේන් මැක්ස්වෙල් හමුවේ ගැසූ පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව, පසුපසට දිව යමින් විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට ට්‍රැවීස් හෙඩ් සමත් වීමත් සමග ශර්මාගේ ඉනිම නිමාවට පත් විය.

පිට පිටම ශතක 2 ක් ලබා සිටි ශ්‍රෙයාස් අයියර්ද, ශර්මාගේ දැවී යෑමෙන් පන්දු 4 කට පසුව පිටියෙන් ඉවත්ව යෑම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 81 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්වයකට ඇද වැටිණ. එහෙත් රාහුල් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විරාට් කෝලි (54) කඩා වැටී තිබූ ඉන්දීය ඉනිමට ජවයක් එක් කළේය.

ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කෝලි දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ පසුපස පාදයේ ආරක්ෂාකාරී පහරකට යෑමේදී පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල්ල මතට පතිත වීම හේතුවෙනි. කෝලිගේ දැවී යෑමෙන් අනතුරුව පිතිහරඹ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණි රවින්ද්‍ර ජදේජා (9), සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 30 ක් එක් කිරීමට රාහුල් සමත් විය.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ගැන ඉඟි පල වෙයි.
Next Article සුළු අනතුරු වලදී වාහන පාර මැද නොනවත්වන ලෙස පොලිසිය රියදුරන්ට අනතුරු ඇඟවීමක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.