ආජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ස්වාධීන මතධාරී ජාවියේ මිලෙයි ජයග්‍රහණය කර තිබේ. සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු හිමි කර ගත්තේය.
ජනාධිපතිවරණයේ පළමු වටය ඔක්තෝබර් මාසයේ පැවැත් විය. එහිදී කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වූ නිසා දෙවෙනි වටයක් පැවැත්විණි.

මුදල් අමාත්‍ය ධුරය දැරූ සර්ගියෝ තෝමස් මසා සහ ජාවියේ මිලෙයි අතර දෙවෙනි වටයේ තරගය පැවති අතර තෝමස් මසා ට හිමි කර ගැනීමට ලැබුනේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයකි.
ලතින් ඇමෙරිකානු රටක් වන  ආජන්ටිනාව, විශාල ආර්ථික අර්බුදයකට ගොදුරුව සිටින රටකි.  මෙසේ අඩපණ වී කඩා වැටුණු රටේ ආර්ථිකයට නැවත  පණ දීම තම ප්‍රධාන අරමුණ බව ජය සමරමින්, ජාවියේ මිලෙයි තම පාක්ශිකයන් අමතා පැවැසුවේය.

Share.

Comments are closed.