අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) අධිවේගී මාර්ග වල සේවකයින් තම රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට  නොපැමිණ, වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත. උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ නිසා අධිවේගී මාර්ගයේ රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරෙන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඔවුන් විසින් සිදු කරති.

Share.

Comments are closed.