Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින නිවාඩුව දෙසැම්බර් 2-3 දෙදිනට පමණක් සිමාවෙයි 
Emirates

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින නිවාඩුව දෙසැම්බර් 2-3 දෙදිනට පමණක් සිමාවෙයි 

kumudikaBy kumudikaNovember 22, 2023Updated:November 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින සැමරීම සඳහා දෙසැම්බර් 2,3 යන දිනයන් රජයේ නිවාඩු දින බවට ප්‍රකාශයට පත් කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එම දිනයන් වැටුප් සහිත නිවාඩු දින බවට කැබිනට් නිවේදනයකින් දන්වා සිටී. මෙම දින සෙනසුරාදා හා ඉරිදා දිනයන් වන නිසා ඒවා දීර්ඝ නිවාඩු බවට පත් නොවේ. පසුගිය වසරේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දෙකේම සේවකයින්ට දෙසැම්බර් 1 දා අතිරේක නිවාඩු දිනයක් ලබා දුන් අතර ඒ පෙර දිවි පිදූ දිනය සැමරීම සඳහාය.

2022 වසරේදී ජාතික දින නිවාඩු දිනය සමග දින තුනක නිවාඩුවක් ජනතාවට හිමි විණි. මේ වසරේදී එම තත්ත්වය වෙනස් වන අතර ඒ අනුව දෙසැම්බර් 1 සිකුරාදා වැඩ කරන දිනයකි.  2024 වර්ෂය ආරම්භ වන ජනවාරි 1 සඳුදා වැටුප් සහිත නිවාඩු දිනයක් බවට පත් කර ඇත. සෙනසුරාදා හා ඉරිදා දින දෙක සමග ජනවාරි 1 දා ලැබෙන නිවාඩුව දින තුනක දීර්ඝ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
1971 වර්ෂයේ දෙසැම්බර් 2 දා , එමිරේට්ස් හයක් එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිහිටුවන ලදී. සංගම් දිනය ලෙසද හදුන්වන මෙම දිනය සෑම වසරකම ජාතික දිනය ලෙස එමිරේට්ස් වැසියන් සමරනු ලබයි. රාස් අල් කයිමා , 1972 වසරේදී මෙම සංධානයට එක්වූ නව වෙනි රාජ්‍යයයි. එමීර් රාජ්‍යයේ නිර්මාතෘ වන්නේ දිවංගත ෂෙයික් සයිඩ් බින් සුල්තාන් අල් නහියන් උතුමාණන්ය. ඔහු එමීර් එක්සේසත් කිරීමට පුරෝගාමී වූවා සේම මෙරට පලමු ජනාධිපතිවරයාද විය.

2023 වසරේ ජාතික දින නිල සැමරුම් උළෙල පවත්වනුයේ,  ඩුබායි හි Expo City  සංකීර්ණයේය. එහිදී COP 28 සඳහා සත්කාරකත්වයද එමීර් රජය විසින් සපයනු ලබයි. සිය ආවේණික උරුමයන් ප්‍රදර්ශනය කරන සංදර්ශනයක් නව තාක්ෂණය හා විශ්මිත ප්‍රක්ෂේපණ ආධාරයෙන් ඉදිරිපත් කිරීමටද මෙම නිල උත්සවයේදී බලාපොරොත්තු වේ.  නවෝත්පාදන හා සාමුහික ක්‍රියාකාරකම් තුලින් දේශගුණික අභියෝග ජය ගැනීමට ලෝකය සමඟ සහයෝගීව කටයුතු කරමින් තිරසාර අනාගතයක් පිළිබඳ එමීර් රාජ්‍යයේ දැක්ම ජාතික දින ප්‍රසංග හා සංදර්ශන තුලින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.  නිල උත්සවය දෙසැම්බර් 2 දා සියලුම දේශීය රූපවාහිනී නාලිකා වල හා www.unionDay.ae නිල වෙබ් අඩවියෙන් සජීවිව නැරඹීමට හැකිය.

National Day UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA, වෙතින් මෙගාවොට් 10,000 ක විදුලියක් උත්පාදනය​ට සැර​සේ
Next Article එමිරේට්ස් තිරසාර ගුවන් ඉන්ධන භාවිතයෙන් A380 පරීක්ෂණ ගුවන් ගමනක් ක්‍රියාත්මක කළ ලොව ප්‍රථමයා වෙයි
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.