දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට (COP28) සහභාගී වීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලි ගුවන් සේවය වන ITA එයාර්වේස් හි කාබන්-උදාසීන ගුවන් යානයකින් දෙසැම්බර් 1 වැනිදා ඩුබායි වෙත පැමිණෙනු ඇත.

පාප් වහන්සේ රෝමයේ ෆියුමිසිනෝ නුවරින් පෙරවරු 11.30 ට පිටත්ව, ඉතාලි සහ ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයන් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් 8.25 ට ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් ගුවන් තොටුපළට ගොඩ බසිනු ඇත. දේශගුණික සාකච්ඡා සඳහා දින තුනක් ඩුබායි හි ගත කරන බව පාප් වහන්සේ මීට පෙර ප්‍රකාශ කොට තිබෙනවා.

මීට පෙර වතිකානුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක​ට අනුව, COP28 දේශගුණික සමුළුවට සහභාගී වන ලෝක නායකයින් සමඟ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුළු දවස පුරා ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වනු ඇත. චාල්ස් රජු ඇතුළු ලෝක නායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

පාප් වහන්සේ ඇතුළු දූත පිරිස බලා ගැනීම සඳහා ගුවන් නියමුවන් 4 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 10 දෙනෙකු ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහ විශේෂ ගුවන් ගමන් සඳහා කැප වූ ITA එයාර්වේස් කණ්ඩායමක් ගුවන් යානයට එක්වෙනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version