Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Green Energy»ඩුබායිහි ජලවිදුලි බලාගාරය 2025 දී විවෘත කෙරේ
Green Energy

ඩුබායිහි ජලවිදුලි බලාගාරය 2025 දී විවෘත කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaNovember 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටුම්, පසුගියදා හත්තාහි ගොඩනැගෙන න​ව විදුලි බලාගාරය නැරඹීමට ගිය අතර එ​ය GCC කලාපයේ ඇති ප්‍රථම ජල විදුලි බලාගාරයද වනවා. ඔහුගේ සංචාරය අතරතුර, ෂෙයික් හම්දාන් ඩොලර් මිලියන 387 ක ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් ර​ෂිඩ් අල් මක්ටුම්ගේ දැක්ම සහ විධානයන්ට අනුකූලව, තිරසාර යටිතල පහසුකම් පුළුල් කිරීමට සහ හරිත ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ඩුබායිහි ප්‍රමුඛ ස්ථානය තහවුරු කිරීමට උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ඩුබායිහි කැපවීම ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් අවධාරණය කළේය.

ෂෙයික් හම්දාන් මෙසේ පැවසීය: “පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රයේ ඩුබායි ලඟාකරගෙන ඇති ජයග්‍රහණ සහ නව්‍ය අදහස් යෝධ ජාතික ව්‍යාපෘති බවට පරිවර්තනය කිරීමේ හැකියාව, ඩුබායිහි නායකත්වයේ විස්තීරණ සහ තිරසාර සංවර්ධනය පිළිබඳ දැක්ම මූර්තිමත් කරයි”

“තිරසාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී DEWA විසින් අත්කරගෙන ඇති ප්‍රගතිය, අපගේ ජාතික ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව සහ ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේදී අපගේ සංවිධානවල කඩිසර බව අවධාරනය කරයි. ආසන්න වශයෙන් 80% දක්වා ළඟා වී ඇති ජල විදුලි බලාගාරයේ නිම කිරීමේ අනුපාතවලින් මෙම දියුණුව පැහැදිලි වේ.”

“2025 වස​ර ආරම්භයේදී ක්‍රියාත්මක කිරිම​ට නියමිත මෙම ව්‍යාපෘතිය 2050 වන විට පිරිසිදු ප්‍රභවයන්ගෙන් බලශක්ති නිෂ්පාදන ධාරිතාවයෙන් 100%ක් ඉලක්ක කර ගනිමින් ඩුබායි පිරිසිදු බලශක්ති උපායමාර්ගය 2050 සහ ශුද්ධ ශුන්‍ය උපායමාර්ගය 2050 සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.”

“දේශගුණික විපර්යාසවල බලපෑම් සහ දේශගුණික ක්‍රියාකාරකම්වල බලගතු ගෝලීය තත්ත්වය ආමන්ත්‍රණය කිරීමේදී එවැනි ජයග්‍රහණ අපේ රටේ ධනාත්මක භූමිකාව ශක්තිමත් කරන අත​ර, ඩුබායි හි පැවැත්වෙන COP28 සමුළුවට සත්කාරකත්වය දැක්වී​ම නිදසුනක් වේ.”

ජල විදුලි බල ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව DEWA හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සයීඩ් මොහොමඩ් අල් තයර් විසින් ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් දැනුවත් කරන ලදි. ව්‍යාපෘතිය මෙගාවොට් 250 ක ධාරිතාවකින් ද, මෙගාවොට් 1,500 ක ගබඩා ධාරිතාවකින් ද, වසර 80 ක ආයු කාලයකින් ද සමන්විත වේ.

ජල විදුලි බලාගාරය DEWA හි තිරසාර ව්‍යාපෘතින් අත​ර ප්‍රධාන ව්‍යාපෘති​යක් වන අතර, අති නවීන තාක්ෂණයන් ඊට ඇතුළත් වේ. ලෝකයේ ප්‍රමුඛතම සේවාවන් සැපයීමට සහ විශේෂයෙන්ම දේශගුණික ගැටලු හා සම්බන්ධ වත්මන් සහ අනාගත අභියෝග සඳහා තිරසාර විසඳුම් ක්‍රියාශීලීව සෙවීමට DEWA හි කැපවීම එවැනි මුල පිරීම් සඳහා අත්‍යවශ්‍ය වේ.

මෙම ජල විදුලි බලාගාරයේ විදුලිය ජනන​ය සඳහා වේල්ලක් මගින් ඉහළ කඳුකරයේ අලුතින් ඉදිකරන ලද ජලාශයකින් ජලය භාවිතා කරනු ඇත. කාර්යබහුල නොවන වේලාවන්හිදී, අතිනවීන ටර්බයින මගින් වේල්ලේ සිට ඉහළ ජලාශය දක්වා ජලය පොම්ප කිරීම සඳහා පිරිසිදු ශක්තිය භාවිතා කරනු ඇත. ඉන්පසුව, ඉහළ ජලාශයේ සිට දිය ඇල්ලේ වේගය අනුව ධාවනය වන ටර්බයින මගින් කිලෝමීටර 1.2 ක භූගත ජල ඇළක් හරහා විදුලිය නිපදවනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගාසා තීරයට ජලය සැපයීම සඳහා ලවණ ඉවත් කිරීමේ බලාගාර 3ක්
Next Article එමිරේට්ස් ‘ලෝකයේ හොඳම ගුවන් සේවය’ ලෙස සම්මානයට පාත්‍ර​වේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.