පසුගියදා ඩුබායි Nikki Beach Club හි පැවති Emirates ULTRAs 2023 සම්මාන උලෙළේදී ඩුබායිහි නිල ගුවන් සේවය සහ ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, ගෝලීය සංචාරකයින් දහස් ගණනකගේ ඡන්ද දිනා ගනිමින්, එහි ලෝක මට්ටමේ නිෂ්පාදන, මුදලට සරිලන විශිෂ්ට වටිනාකමක් සහි​ත සේවාවන් පිරිනැමීම වෙනුවෙන් “ලෝකයේ හොඳම ගුවන් සේවය” සහ “මැදපෙරදිග හොඳම ගුවන් සේවය” ලෙ​ස  සම්මානය​ට පාත්‍ර​වි​ය.

එමිරේට්ස්හි සේවා බෙදා හැරීමේ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ උප සභාපති තෝමස් නේ විසින් සම්මාන පිළිගනු ලැබීය. මෙම උත්සවයට අනෙකුත් කැපී පෙනෙන අමුත්තන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සාමාජිකයින් ද සහභාගී විය.

එමිරේට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Adel Al Redha අදහස් දක්වමින්: “ලෝකයේ හොඳම සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් සපයන්නෙකු ලෙස නැවත පිළිගැනීමට ලක්වීම ගැන අපි සතුටු වෙනවා. එමිරේට්ස් සෑම විටම ඉහළ ප්‍රමිතියක් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර පසුගිය වසරද ඊට වෙනස් නොවේ. අපි අපගේ ප්‍රතිනිර්මාණ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම නව මැදිරි අභ්‍යන්තරය සහ Premium Economy ආසන සමඟ A380 යානා දහයක් නිකුත් කල අතර අපගේ ගෝලීය ජාලය ගමනාන්ත 140කට වඩා පුළුල් කර තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ගේ ගමන් වැඩිදියුණු කිරීම සඳහා නව්‍ය විසඳුම් සහ නිෂ්පාදන අඛණ්ඩව හඳුන්වා දීමට අපි කැපවී සිටිමු. සෑම විටම අප සම​ග වඩා හොඳ පියාසර අත්දැකීමක් ලබාගැන්ම​ට එමිරේට්ස් තෝරා ගැනීම ගැන අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට ස්තූතියි. අපගේ සේවාවන් තවත් ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙමු!”

Ultratravel හි සභාපති නික් පෙරී මෙසේ පැවසීය. “වසංගතයෙන් පසු සුඛෝපභෝගී සංචාරකයින් අතර ගුවන් ගමන් බලාත්මක වී ඇති හෙයින්, වෙළඳපොලේ ඉහළ මට්ට​මේ තර​ගය අඛණ්ඩව වැඩිවෙමින් පවතී. ධනවත් පියාසර කරන්නන්ට ලබා ගත හැකි තේරීම් ව​ල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය ඉහළම මට්ටමක පවති​න බැවින් 2023 දී එමිරේට්ස්, ලොව හොඳම ගුවන් සේවය ලෙස තේරී පත්වී​මේ ජයග්‍රහණය සැබවින්ම සිත් ඇදගන්නා සුළුය. එමිරේට්ස් සමාගමට තවත් වසරක් ප්‍රමුඛ ස්ථානය හිමිකර ගැනීමට හැකිවීම ගැන ආඩම්බර විය හැකියි.”

හොඳම පන්තියේ සංචාරක අත්දැකීම්

පාරිභෝගිකයින්ට ගුවනේ සහ ගොඩබිමේ හොඳම සංචාරක අත්දැකීමක් සහතික කිරීම සඳහා එමිරේට්ස් නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරයි. ගුවන් සමාගම මෑතකදී ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ නව නගර පිරික්සුම් පහසුකමක් දියත් කළේය. මොන්ට්‍රියල් වෙත නව මාර්ගයක් දියත් කිරීමත් සමඟ එහි ගෝලීය ජාලය පුළුල් කළේය. ගනුදෙනුකරුවන්ට ගමන් කිරීමට පෙර ඔවුන්ගේ ආහාර විකල්ප තෝරා ගැනීම සඳහා ආහාර පෙර ඇණවුම් කිරීමේ සේවාවක් දියත් කරන ලද අතර සියලුම Emirates Skywards සාමාජිකයින් සඳහා නොමිලේ Wi-Fi සේවාව ලබා දෙන ලදී.

සම්මාන දිනුම් මාලාවක්

ලෝක මට්ටමේ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීම, ආරක්ෂාව සහ යහපැවැත්ම, තිරසාර බව සහ සේවා පිළිබඳ ආගන්තුක අත්දැකීම් සඳහා ඉහළම ගෝලීය ප්‍රමිතීන් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් Emirates මෑතකදී 2024 APEX සම්මානය දිනා ගත්තේය. ගුවන් සේවයේ තිරසාර Economy Class පහසුකම් කට්ටලය අගයමින් ‘හොඳම ගුවන් යානා පහසුකම්’ සඳහා 2024 IFSA සම්මානයක් ද ගුවන් සමාගම විසින් දිනා ගන්නා ලදි.

Share.

Comments are closed.