52 වැනි ජාතික දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ජනප්‍රිය හෝටල් ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල සැමරුම් උත්සව සංවිධානය කර ඇති අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්සත් බව අර්ථගන්වමින් දේශයේ වර්ණ මගින් අහස ආලෝකමත් කරන දැවැන්ත ගිණිකෙළි සංදර්ශණ පැවැත්වීමට කටයුතු කිරීම ඩුබායිහි සුපුරුදු අංගයකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සඳහා සැලසුම් කර ඇති සියලුම සැමරුම් සහ සංදර්ශන සමගින් දෙසැම්බර් මස පළමු සති අන්තය පවුලේ අය සහ මිතුරන් සමග ගත කිරීමට සැලසුම් කිරීමට හොඳම කාලයකි.
ගිනිකෙළි සංදර්ශන ගනනාවක් ප්‍රසිද්ධ බිම් සලකුණු සහ විවේක ස්ථාන කීපයක පෙළ ගැසී ඇත. එම ස්ථාන වන්නේ:
අබුඩාබි
Yas Island – දෙසැම්බර් 2 වනදා Yas Bay Waterfront හිදී රාත්‍රී 9 සිට,
Yas Islandහි නරඹන්නන් සඳහා දිවා කාලයේ පැවැත්වෙන සජීවී සංදර්ශනවලට අමතරව රාත්‍රියේදී විස්මිත ගිණිකෙළි සංදර්ශනයක් අපේක්ෂා කළ හැකිය. එදින රාත්‍රී 9 ට Waterfront වෙත ගොස් අරාබි ගල්ෆ් අහස් තීරුව සිත්තම් කරන ගිනිකෙළි සංදර්ශන නැරඹිය හැකියි.
Al Maryah Island
The Promenade හි දෙසැම්බර් 2 වනදා සහ 3වනදා රාත්‍රී 9 ට
මෙම ජනප්‍රිය ව්‍යාපාරික සහ ජීවන රටා ගමනාන්තය විශ්මය ජනක ගිනිකෙළි සංදර්ශනයක් සහ ජල සංදර්ශනයක් සමඟ ජාතික දිනය සමරනු ඇත. දෙසැම්බර් 2 වනදා සහ 3 වනදා රාත්‍රී 9 ට ගිනිකෙළි සංදර්ශන පවත්වනු ලබන්නේ Galleria Al Maryah Island හි Promenade හිදීය.
Sheikh Zayed Festival, Al Wathba
දෙසැම්බර් 2 වනදා සහ 3වනදා ජාතික උත්සව සැමරුම් සවස 4 සිට අලුයම 1 දක්වා පැවැත්වේ
මෙම දින දෙකේදී අබුඩාබිහි සුවිශේෂී උරුම උත්සවයේ කොටසක් ලෙස විශේෂ ක්‍රියාකාරකම් දියත් කෙරේ. සජීවී සංදර්ශන, ළමුන් සඳහා සංදර්ශන සහ විවිධ ක්‍රියාකාරකම් සහ විස්මයන් භුක්ති විඳීමේ අවස්ථාව උදාවෙනවා. ජල සංදර්ශනය සඳහා එමිරේට්ස් ෆවුන්ටන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්ණවලින් ද සරසනු ලබන අතර රාත්‍රියේදී ගිනිකෙළි සහ ඩ්‍රෝන යානා මගින් කෙරෙන සංදර්ශණය උත්සව නරඹන්නන්ගේ සිත් ඇදගනු ඇත.
Emirates Palace Mandarin Oriental
හෝටල් වෙරළ තීරය / අබුඩාබි කෝනිච්හි දෙසැම්බර් 2 වනදා රාත්‍රී 9 ට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින සති අන්තය සඳහා විශිෂ්ට සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බැවින් අබුඩාබි හි තරු පහේ Emirates Palace Mandarin Oriental හෝටලය ඒ සඳහා සූදානම් කෙරෙනවා.
Emirates Palace හි සැමරුම් නොවැම්බර් 27 වනදා ආරම්භ වන අතර, එහි එක් විශේෂත්වයක් වනුයේ පයිරොටෙක්නික් සංදර්ශනයයි. එය දෙසැම්බර් 2 වැනිදා රාත්‍රී 9 ට පැවැත්වීමට නියමිත අතර හෝටලයේ වෙසෙන සංචාරකයන්ට මෙන්ම මහජනතාවටද මෙම සංදර්ශණයන් දැකිය හැකි වනු ඇත.
ඩුබායි
Global Village හි Fireworks Avenue: දෙසැම්බර් 1 වනදා සහ 2වනදා රාත්‍රී 9 ට
ඩුබායිහි බොහෝ දෙනෙකුගේ ආදරය දිනූ මෙම උත්සව උද්‍යානය දෙසැම්බර් 1වනදා සිට 3 වනදා දක්වා සංස්කෘතික සංදර්ශන සහ ජාතික දින තේමා ක්‍රියාකාරකම් වලින් පිරී ඇති අතර විනෝදාස්වාද සඳහා අංගයන් ගනනාවක් එක්කොට ඇත.
සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 9 ට පැවැත්වෙන ග්ලෝබල් විලේජ් හි ෆයර්වර්ල්ඩ්ස් සංදර්ශනවලට බොහෝ දෙනෙක් ප්‍රිය කරති. දෙසැම්බර් 1 සහ 2 යන දිනවල එහි යන්නේ නම් නිසැකවම එම දර්ශණ ග්‍රහණය කරගත හැකි වනු ඇත.
වෙනත් බිම් සලකුණු
ඩුබායි හි තවත් ජනප්‍රිය ස්ථාන ගණනාවක්ම සෑම වසරකම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින ගිනිකෙළි සමඟ සැමරීමට ප්‍රසිද්ධ වී ඇති අතර Bluewaters සිට Dubai Festival City, Al Seef සහ The Beach on JBR ඒ අතර වනවා. මේ වසර සඳහා ඔවුන්ගේ සැලසුම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
සාජා
ජාතික දිනය වෙනුවෙන් උත්සව සහ ක්‍රියාකාරකම් නොවැම්බර් මස සිටම සාජාහි ආරම්භ වූ අතර ඒවා දෙසැම්බර් 3 දක්වා පැවැත්වෙනු ඇත.
ප්‍රධාන උත්සවය සහ විවෘත කිරීම නොවැම්බර් 28 සිට දෙසැම්බර් 3 දක්වා Sharjah National Park හීදී පැවැත්වීමට නියමිතය. එය නාට්‍ය සංදර්ශන, වැඩමුළු, අන්තර්ක්‍රියාකාරී තරග සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ. සැමරුම් අල් ඩයිඩ්, කොර්ෆකාන්, අල් බටේහ් කලාපය, කල්බා, Heritage Village හි ද පෙළ ගස්වා ඇත.
අල් මුදම් කලාපයේ උත්සවයන්හි කොටසක් ලෙස ගිනිකෙළි සංදර්ශනයක්ද පවත්වනු ඇත.