2024 වර්ෂයේ, ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කල අයවලුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
ඒ අනුව ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට ඇතැම් විට ඔවුන්ට සිදුවනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

තවද ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ.

Share.

Comments are closed.